ලෝක ඉතිහාසයේ මෑත කාලීන මෙන්ම දීර්ඝ කාලීන ඉතිහාසය සූක්ෂමව පරීක්ෂා කිරිමේදී, වරින් වර විවිධ රටවල් නියෝජනය කරන විවිධ වයස් කණ්ඩායම් වලට අයත් මිනිසුන්, ඔවුන්ට මුහුණපාන්නට සිදුවූ දැඩි රාජ්‍ය පාලනයන්, මර්ධනයන්ට එරෙහිව සාමුහිකව හඩක් නගමින් ජන අරගල පවත්වමින්, තම ජිවීත පවා පුජා කරමින් ලබාගත් ජයග්‍රහණ සදහා සාක්ෂි දරයි.
එම ජන අරගල පිළිබද ලෝක ඉතිහාසයට, මෙරට ආදරයේ අරගලය හෙවත් පුරවැසි අරගලයද පසුගියදා එක්විය. එය තවමත් නිශ්චිතව අවසන් වී නොමැති වුවත්, අරගලයේ මූලික අරමුණ වූ රාජපක්ෂ රාජ්‍ය පාලනය ගෙදර යැවීම ගතවූ දින 100 ක කාලය තුළ ඉටු කරගැනීමට පුරවැසියන් සමත්විය.
මෙවර TBC අපගේ මාසික ලිපිය වෙන්වන්නේ මෙම ආදරයේ අරගලය පිළිබදවවූ අපේම කතාව ලියා තැබීමට වේ.
ලෝක ඉතිහාසයේ වාර්තාගත වී ඇති වරින්වර ඇතිවූ ජන අරගලවල ආරම්භය වසර 1783 පෙනිසිල්වේනියාවේදී සෙබළුන් විසින් ගෙන ගිය රාජ්‍යයට එරෙහි අරගලයෙන් ආරම්භ වන බව පෙනේ.
මේ පිළිබදව ඉතිහාසය සොයා බැලීමට කැමති ඔබට එලෙස වාර්තාගත වූ සුවිශේෂී වු ජන අරගල ලැයිස්තුවක් පහතින් දක්වා තිබේ. මේ පිළිබදව සවිස්තරාත්මක ලිපියක් ඉදීරියේ බලාපොරොත්තු වන්න.
- 2021 ඉන්දියානු ගොවියන්ගේ විරෝධය
- 2020 ජෝර්ජ් ෆ්ලොයිඩ් සහ කළු සමේ ගැටලුව
- 2017 කාන්තා පෙළපාළිය
- 2011 කප්පාදුවට එරෙහි චිලී සිසු සටන්
- 2003 ඉරාක යුද්ධයට එරෙහි අරගලය
- 1989 ටියෑන්නෑන්මෙන් චතුරස්රයේ විරෝධතාව
- 1986 පිලිපීන අරගලය
- 1973 ග්‍රීසියේ මිලිටර් ජුන්ටාවට එරෙහි සිසු විරෝධතාව
- 1970 පළමු මිහිතල දින අරගලය
- 1970 යුද විරෝධී එක්සත් ජනපද සිසු අරගලය
- 1968 මැයි ප්‍රංශ අරගලය
මිනිසුන් තමන්ට වන ආසාධාරණයන්ට එරෙහිවූ මෙම අවස්ථා සියල්ලෙහිම තම ලෙයින් කදුළෙන් ජිවීතයෙන් වන්දී ගෙවූ මිනිසුන් පිළිබදව ඉතිහාසය සාක්ෂි දරයි.
ඕනෑම අවස්ථාවක තමන්ට එල්ලවන දැඩි පීඩනයට එරෙහිව මිනිසුන්ට නැගි සිටිම සදහා විධානයක් නියෝගයක් අවශ්‍ය නොවන අතර පීඩන ජන සමාජය තුළින් නිතැතින්ම නැගි සිටිම සිදුවේ.එලෙසින්ම ජන අරගලයක් මෙලෙස වියයුතු යැයි කිසි තැනක සදහන් වු රාමුවක් නොමැති අතර එයට නායකයකු අවශ්‍ය යැයිද නොවේ.සැබවින්ම ජන අරගලයක් පීඩිතයා මුහුණ දෙන පීඩනයේ ස්භාවය එහි තරම මත නිතැතින්ම නැගි සිටිම සිදුවන අතර එම නැගි සිටිමේ ස්භාවයද පීඩනයේ තරම මත තීරණය වේ.
එය ඉතා හොදින් පසුගිය කාලවකවානුව තුළ මෙරට වූ ආදරයේ අරගලයෙන් ඔබට දැනී යන්නට ඇති අපේ විශ්වාසය වන අතර තරුණ ප්‍රජාවෙන් ආරම්භ වී බාල මහළු සියල්ලන් එකාවන් විදී බැසි ආකරයෙන් එය මොනවටත් පැහැදිලි වේ.
ආදරයේ අරගලයට මූලිකවූ හේතු සාධක වන්නේ, පැවති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුමුඛ රජය විසින් ශ්‍රී ලංකා ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කිරීම නිසා ඇතිවූ දැඩි උද්ධමනය, දෛනික විදුලිය ඇනහිටීම්, සහ ඉන්ධන, ගෘහස්ථ ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් රටපුරා ඇතිවීමයි.

අධික ලෙස මහජන මුදල් සොරකන ලද රාජපක්ෂ පවුල ප්රමුඛ රජය ඉල්ලා අස්වන ලෙස බල කිරිම අරගලයේ මුලික අරමුණ විය. එමෙන්ම ජනතාවට ජිවත්වීමට නොහැකි තරම් පීඩනයක් එල්ල කරන ආණ්ඩුව කෙරෙහි පාර්ලිමේන්තුව තුල කිසිදු විරෝධයක් නොදක්වන ව්පක්ෂය කෙරෙහිද ජනතා විරෝධය එලෙසින්ම ඉස්මතු වන්නට විය.
“ගෝඨා ගෙදර යන්න” සහ “රාජපක්ෂලා ගෙදර යන්න” වැනි සටන් පාඨ කියමින් ගාලු මුවදොර පිටිය අරගලයේ ස්ථානීය කේන්ද්‍රය බවට පත් කරගන්නා ලදි.මෙම මහජන අරගලයට, හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම, සිවිල් වැසියන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට ඉඩ දීම, ඇඳිරි නීතිය පැනවීම, සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශය සීමා කිරීම සහ විරෝධතාකරුවන්ට, මාධ්‍යවේදීන්ට සහ අන්තර්ජාල ක්‍රියාකාරීන්ට පහර දීම වැනි අත්තනෝමතික ක්‍රියාවලින් රජය පිළිතුරු සැපසුවද, #GoHomeRajapaksas සහ #GoHomeGota ඇතුළු හෑෂ් ටැග් එක්සත් ජනපදය, සිංගප්පූරුව සහ ජර්මනිය වැනි රටවල මෙන්ම ලොවපුරා ජනප්‍රිය වීමත් ලෝක අවධානය මේ පිළිබදව එල්ලවීමත් ආරම්භ විය.ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්සන් සභාවත් , ශ්‍රී ලංකා නිතී සංගමයත් අරගලකරුවන්ට එල්ලවන අසාධාරණයන්ට එරෙහිව කටයුතු කීරිම ප්‍රශංසනීය වේ.

ආරම්භක විරෝධතා මාර්තු මස මුලදී කුඩා ඉටිපන්දම් දැල්වීමෙන් ආරම්භ වූ අතර එය රටපුරා සීඝ්රයෙන් ව්‍යාප්ත වන්නය විය. විදුලි බලය කප්පාදු කිරිම දිනකට පැය 08ක කාලයක් දක්වා දීර්ඝ කිරීමත් සමග මේ තත්ත්වය වර්ධනය වන්නට විය.
මාර්තු 31 වැනි බ්‍රහස්පතින්දා, විරෝධතාකරුවන් සිය ගණනක් ජනාධිපතිගේ පෞද්ගලික නිවස පිහිටි මිරිහාන පැඟිරිවත්ත පාරේ උද්ඝෝෂණයක් පැවැත්වීය.මෙම සාමකාමි උද්ඝෝෂණයට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලදි. මෙහිදි අත්අඩංගුවට ගත් 45 දෙනෙකු වෙනුවෙන් පසුදා නීතීඥයින් 300කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් මිරිහාන පොලිස් ස්ථානයට පැමිණ සිටියහ. අප්‍රේල් 1 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රටපුරා මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කල අතර පැය 36ක් රටපුරා ඇදීරි නිති තත්ත්වයක් පනවන ලදි.
රටපුරා උද්ඝෝෂණය තත්ත්වයන් මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන් පවා විදී බැස රජය කෙරෙහි වූ තම විරෝධය දක්වන්නට විය.මේ කාලය තුල සමාජ මාධ්‍ය වාරණයන්ට ලක් කිරිමට රජය දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබුවද, #GoHomeGota හැෂ්ටැග් ලොවපුරා ජනප්‍රිය සමග රජය පසුබසින ලදි.
විවේචන එල්ලවූ රාජපක්ෂ පවුලේ නාමල් රාජපක්ෂ ද ඇතුළත්. රාජපක්ෂ පවුලේ අමාත්‍යවරුන් දෙදෙනෙකු වන චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අප්‍රේල් 03වනදා තම කැබිනට් අමාත්‍ය ධූරයන්ගෙන් ඉල්ලා අස්විය.වැඩෙන මහජන කෝපයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ද ඉල්ලා අස්විය.මෙරට ඇතිවූ ආර්ථික අවපාතයට දැඩිව වගකිව යුතු පුද්ගලයෙක් ලෙස අරගලයේ දැඩිව ඔහු විවේචනයට ලක්විය.
ඒ අනුව අප්‍රේල් 07 වන දින මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතාශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයේ වැඩ භාරගත් අතර ඔහුගේ සැලැස්ම පිළිබදව තවමත් ජනතාව බලාපොරොත්තු සහගතව සිටියි.
2022 අප්‍රේල් 9 වන දින, විරෝධතාකරුවන් රජයට එරෙහිව ගාලුමුවදොර පිටියේ විශාල පෙළපාලියක් ආරම්භ කල අතර ගාලු මුවදොර අරගලයේ කේන්ද්‍රය බවට පත්විය. එදින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටද විශාල විරෝධයක් ඇතිවිය. දස දහස් ගණන් ජනයා විදී බැස තම විරෝධය විශාල වශයෙන් රජය කෙරෙහි දක්වන ලදි.

සියලු දේශපාලනඥයන් වහාම විගණනය කරන්න”.“මේ අපේ රට ඔබේ ATM යන්ත්‍රය නොවේ”, “රට විකිණීමට ඇත, ගෝඨා අසාර්ථකයි”, “අපේ හොරකම් කළ මුදල් අපට ආපසු දෙන්න”, වැනි සටන් පාඨ සැම තැනම දකින්නට වූ අතර වෙන කවරදාකත් නොවූ අයුරින් ජනතාව මෙම ආණ්ඩුවට එරෙහිව නැගි සිටින්නට විය.තිස් වසරක යුද්ධය නිමාවට පත් කල නායකයා ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිටද දැඩිව විරෝධයක් එල්ල වූයේ මහජන මුදල් සොරාකමින් ජනතාවත් රටත් අසීරූ කිරිම සම්බන්ධයෙනි.
අප්‍රෙල් 10 වන දින සාමකාමි අරගලයේ නියුතු ජනතාව පවසන ලද්දේ ජනාධිපති ගෝඨාභය ගෙදර යන තුරු අඛණ්ඩව විරෝධතාවයේ නිරත වන බව සහ ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝගම ලෙසින් ප්‍රදේශයක් විරෝධාතාවයේ නියැලෙන්නට සකස් කරන ලදි.

ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝගමේ විරෝධයට දිනපතා රටේ නන් දෙසින් මිනිසුන් ඇදෙන්නට වූ අතර තම විරෝධය ඉතා සාමකාමි අයුරින් සටන් පාඨ ඇතුලත් පුවරු එල්ලා සිටිමෙන් ගීත ගැයීමෙන් දක්වන ලදි. කුඩා දරුවන් පවා මෙම විරෝධතා සදහා වැඩිහිටියන් විසින් සහභාගි කරවන්නට විය. ලොවපුරා ඉතා සාමකාමි විරෝධතාවයක් ලෙසින් ආදරයේ අරග්ගලය ජනප්‍රිය වන්නට විය.
මැයි 09 වන දින සාමකාමි අරගයේ නියුතු ගාලුමුවදොර ජනතාවට පහරදීමට රජය විසින් ඔවුන්ගේ ආධරකරුවන් සූක්ෂම ලෙස යෙදවූ අතර, පහර කෑමට ලක්වූ අරගලකරුවන්ට සහයෝගය දක්වමින් දිවයිනේ නන් දෙසින් ජනතාව ගාලුමුවදොරට ඇදෙන්නට වූ අතර, ඇදිරි නිතීය යොදන්නටද සිදු විය. මෙම ක්‍රියාව පිටුපස සිටි මහින්ද රාජපක්ෂ තම අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීම එදින ප්‍රකාශයට පත් කරන ලදි.
නොකඩවා ජනාධිපති හා රජයට එල්ලවන විරෝධය හමුවේ ජූනි 9 වැනිදා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.කිසිදු සැලැස්මක් නොමැති අදූරදර්ශි ආර්ථිකය හැසිරවීම, මුදල් නෝට්ටු සිතු ලෙස අච්චු ගැසිම, මුදලේ අගය බාල්දු කිරිම සහ විශාල ලෙස කොමිස් ගසම්න් මහජන මුදල් සොරාකැම ඔහුට මහජනතාවගෙන් එල්ල වූ චෝදනා වේ.

ජුලි 9 වැනි දින, ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්වන ලෙස බලකරමින්, කොළඹ චැතම් වීදියේ, ජනාධිපති මන්දිරය අසලට රැස්ව සිටි විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් පැමිණීමට පෙර, ජනාධිපතිවරයා කොළඹ පිහිටි ඔහුගේ නිල නිවසින් පලා ගියේය. පොලිස් බාධක සහ කඳුළු ගෑස් ප්‍රහාර නොතකා ජනාධිපති මන්දිරයට කඩා වැදීමට විරෝධතාකරුවන්ට හැකි විය. ඉන්ධන නොමැති වුවද මිනිසුන් දිවයිනේ නන් දෙසින් කොළ්ඹට එදින එක්වූයේ ජනාධිපතිට ඉල්ලා අස්වන ලෙසට බල කිරිම උදෙසාය.දිවයිනෙන් පලාගිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක වෙත භාරදීම දීනෙන් දින කල් යවමින් සිට ජුලි 13 වන දින නිල වශයෙන් යොමු කරන ලදි.

මාස තුනකට වැඩි කාලයක් අඛණ්ඩව කල සටනින් අනතුරුව අරගලයේ පුමුඛ අරමුණ සාක්ෂාත් කර ගැනිමට මෙරට වැසියන්ට හැකිවිය.ආදරයේ අරගලට නමින් මෙය ලොවපුරා ජනප්‍රිය වුයේ මෙහි මුලික අරමුණ ඉතා සාමකාමි අයුරින් ආදරයෙන් දිනා ගැනිම උදෙසා මෙරට පුරවැසියන් කටයුතු කල නිසයි.
නමුත් අප හමුවේ වූ ප්‍රශ්න විසදී තිබේද? අරගලයේ දෙවන අදියරක් අවශ්‍යද ?