• Home
  • About TBC
Throw Back
  • Home
  • About TBC
Throw Back
Throw Back

අපේ ලොවයි – මඩොල් දූව

May 17, 2022
in TBC
Throwback Ceylon

ළමා සාහිත්‍ය කෘතියක් ලෙසින් අතිශයින් ජනප්‍රිය අපේ රටේ පරම්පරා ගණනාවක ළමුන්ගේ සිත් බැදගත් “මඩොල් දූව” කෘතිය සම්බන්ධව මතකයට නැගීමක් මේ..

මඩොල් දූව වර්ෂ 1947 දී කොග්ගල ප්‍රාඥයා යනුවෙන් විරුදාවලිය ලත් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත අගනා කෘතියකි.

එහි ප්‍රථම මුද්‍රණය වර්ෂ 1947 සිදු වු අතර පසුකාලීනව එය ඉංශ්‍රිසි, රුසියානු,චීන,ජපන් ඇතුළු භාෂා කීපයකට පරිවර්තනය වී ඇත.

උපාලි ගිනිවැල්ල නම් පිරිමි දරුවා ජින්නා ඇතුළු ඔහුගේ මිතුරන් සමග එක්ව කරන දඩබ්බර වික්‍රමයන් හා පසුව ඔවුන් මඩොල් දූව නම් වූ දූපත සොයාගොස් එහි ජිවත්වීමට දරන උත්සාහය මෙහි රසවත්ව දිග හැරෙයි.

වර්ෂ 1890 කාලවකවානුව සහ එම කාලයේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ ජන ජිවිතය හා සංස්කෘතික ලක්ෂණ මෙම කෘතියට පාදක වී ඇත.

පසුකාලයේදි එනම් වර්ෂ 1976දි ශ්‍රී ලාංකික සිනමාවේ පුරෝගාමි සුවිශේෂි චරිතයක් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරින් විසින් මඩොල් දූව කෘතිය චිත්‍රපටයක් ලෙසින් රිදී තිරයට ගෙන එන ලදි.

මෙහි ජනප්‍රිය නළු අජිත් ජිනදාස මහතා විසින් උපාලි ගිනිවැල්ලගේ චරිතය රගදක්වන ලද අතර පද්මසේන අතුකෝරළ, ජෝ අබේවික්‍රම ආදි අප රටෙහි ප්‍රකට නළුවන් රුසක් එයට රංගනයෙන් දායක වී ඇත. මෙය සංගීතයෙන් රසවත් කරන ලද්දේ විශාරද ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේව ශූරින් විසිනි.මඩොල් දූව කෘතිය අද බොහෝ වැඩිහිටියන්ගේත් ළමුන්ගේත් පොතපත කියවීමට මෙන්ම ලිවීමට ඇති ආශාව මුලින්ම ඇති කල ළමා කාලයේ කාගේත් සොදුරු මතකයකි.

ඔබට මතකද, උපාලි හා ජින්නා විසින් හාල්, තුනපහ පොල් ඔරුවෙහි බැදගෙන මඩොල් දූව කරා ගිය වික්‍රමාන්විත ගමනට ළමා කාලයේ අපට ඇති වු ආශාව…වර්ෂ ගණනාවක් ගතවී ඇතත් තවමත් අපේ සිත් තුළ ජිවත්වෙන උපාලි හා ජින්නා සදාකාලික චරිත දෙකක් වී අවසන්…

ඔබේ දුවට පුතාට වගේම ඔබටත් ඔඩොල් දූවේ උපාලි හා ජින්නා සමග ඔරු පැද ඇවිදින්නට නැවතත් හොද අවස්ථාවක් කර ගන්නට මේ මතක් කිරිම ඔබට උදව්වක් වේවි…

මඩොල්දූව සිනමාපටයට ආචාර්ය අමරදේවයන් විසින් සංගීතවත් කරන ලද සුනිල් ආරියරත්නයන් විසින් පද ගැලපු සංගීතවේදි වික්ටර් රත්නායකයන් ගායනා කරන ලද ගීතයක කොටසකින් මෙම සටහන අවසන් කරමු.

මූදූ හතක් එහා ඔරු පදින්න

එන්න යාළුවේ..

අපිම අපේ ලොවක් සොයාගන්න

එන්න යාළුවේ…

කොහේද කොහේද අපේ ලොවක්…..

ShareTweetShare

Related Posts

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය
TBC

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය

ලෝක ඉතිහාසයේ මෑත කාලීන මෙන්ම දීර්ඝ කාලීන ඉතිහාසය සූක්ෂමව පරීක්ෂා කිරිමේදී, වරින් වර විවිධ රටවල් නියෝජනය කරන විවිධ වයස් කණ්ඩායම්...

August 19, 2022
පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට
TBC

පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

මෙවර TBC කලාපය වෙන් වන්නේ මෙරට කාලාන්තරයක් තිස්සේ පැවත ආ, මේ වනවිට අභාවයට යමින් පවතින, මෙරට එක්තරා ආකාරයේ උප සංස්කෘතියක්...

June 24, 2022
Throwback Ceylon
TBC

ඔලිම්පික් ඉතිහාසයේ එදා මෙදා තුර ශ්‍රී ලංකා නාමය

ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේ තම ක්‍රීඩා දිවියේ ලබා ගැනීමට උත්සාහ කරන උච්චතම අවස්ථාව,සැබෑ කරගන්න බලාපොරොත්තු වන ලොකුම සිහිනය ඔලිම්පික් පදක්කමක් කිවහොත්...

May 23, 2022
Throwback Ceylon
TBC

90 ගණන්වල ටීවි එකේ හිට් වුනු පරණ ඇඩ්

වෙළද දැන්වීම්වලින් තොරවූ ලෝකයක් පිළිබදව ඔබට දැන් සිතන්නට පුළුවන්ද? කොහෙත්ම නොහැක.මේ කතා කරන මිනිත්තුවේ පවා අප කුමන හෝ නිෂ්පාදනයක සේවාවක...

May 23, 2022
Next Post
Throwback Ceylon

වීර කැප්පෙටිපොළ වීර කතාව

Throwback Ceylon

අපේ අපූරු හස්ත කර්මාන්තය – වේවැල් කර්මාන්තය

Recommended

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය

August 19, 2022
Throwback Ceylon

ඔලිම්පික් ඉතිහාසයේ එදා මෙදා තුර ශ්‍රී ලංකා නාමය

May 23, 2022
Throwback Ceylon

The tale of a Thambapanni King

May 23, 2022
Throwback Ceylon

List of Prime Ministers of Sri Lanka

May 17, 2022

Instagram

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.

#tbc Established in 2018

No Result
View All Result
  • Home
  • About TBC

Throwback Ceylon