• Home
  • About TBC
Throw Back
  • Home
  • About TBC
Throw Back
Throw Back

අපේ අපූරු හස්ත කර්මාන්තය – වේවැල් කර්මාන්තය

May 17, 2022
in TBC
Throwback Ceylon

වේවැලෙන් රටා මවම්න් ජිවිකාව ගැට ගහගත් මිනිසුන්ගේ කතාව ඔවුන්ගේ රටා තරම්ම අලංකාර නොමැත.වේවැල් කර්මාන්තය කලකදි ඔවුන්ගේ ජිවිත සශ්‍රීකව ගෙනයාමට මහත් පිටුවහලක් වුවත් අද වනවිට එහි පසුබැස්මක් දක්නට ලැබේ.මේ ඒ වේවැලේ කතාවයි.

දශක ගණනාවක් ඈතට දිවයන ශ්‍රී ලංකාවේ දේශීය අත්කම් කර්මාන්ත අතරින් වේවැල් කර්මාන්තය ප්‍රමුඛ ස්ථානයක් ගනියි.මැටි කර්මාන්තය පිත්තල කර්මාන්තය හා වේවැල් කර්මාන්තයට සියවස් ගණනාවක දිගු අතීතයක් මෙරට ඇත.ඉතා දක්ශ අත්කම් ශිල්පීන් විසින් දේශීය මෙන්ම විදේශිය වෙළදපොළට ඔබින ඉතා අලංකාර වේවැල් නිර්මාණ මෙරටින් බිහි කල අතර ඒ නිසාවෙන්ම අදටද අපටම ආවේණික වේවැල් රටා නිර්මාණ සදහා හොද ඉල්ලුමක් විදේශිය වෙළදපොළ තුළ තිබේ.වරින් වර දේශීය වෙළදපොළට, සාපේක්ෂව අඩු මිලට පැමිණි විවිධ ආදේශක භාණ්ඩ නිසා දේශිය වෙළදපොළ තුළ වේවැල් භාණ්ඩ සදහා ඉල්ලුම පහල ගොස් ඇත. විශේෂයෙන් චීනයෙන් ආනයනය කරන වේවැල් භාණ්ඩ අඩුමිලට වෙළදපොළේ විකිණිමට තිබේ.එසේම මෙම කර්මාන්තයේ නියුක්ත අයද කර්මාන්තය හැරයාම විශාල තර්ජනයක් බවට අද පත්ව තිබේ.

වේවැල් කර්මාන්තය මෙරට තුළ කෙතරම් ජනප්‍රියව හා මෙරට මිනිසුන්ට කෙතරම් බද්ධව තිබුණාද යන්න, සමහර ගම්වල නම් පවා වේවැල් යන නම භාවිතයෙන්න ම්කර ඇති බවින් පෙනියයි.වේවැල්දෙණිය,වේවැල්දූව,වේවැල්කදුර,වේවැල්වල, වේවැල්පනාව ආදි ගම් අදටද ඒ නමින් දක්නට ලැබේ.මදකට මෙම කර්මාන්තයේ ඉතිහාසය දෙස බැලිමේදී, දේවානම්පියතිස්ස රජ සමයේදි මිහිදු මහ රහතන් වහන්සේ සමගින් භාරතයේ ධර්මාශෝක රජු මෙරටට එවන ලද විවිධ ශිල්ප කාණ්ඩ 18 අතරින්, කුළු පොත්තන් ලෙස හැදින්වූයේ මෙම වේවැල් කර්මාන්තයේ යෙදෙන ශිල්පීන් වේ.ඔවුන් වේවැල් භාවිතා කරමින් විවිධ භාණ්ඩ සැකසිය යුතු වූහ.එමගින් පෙනෙනුයේ මෙම කර්මාන්තය ඉන්දියාවෙන් මෙරටට පැමිණි දීර්ඝ ඉතිහාසයක් සහිත කර්මාන්තයක් බවයි.තවද එදා හෙළ දිව කෘතිය රචනා කල රොබට් නොක්ස්ගේ සටහන් තුලද මෙම කර්මාන්තය පිළිබද ලියැවි තිබේ. “බෙරවායින් ලගට එන්නේ කුළුපොත්තන්ය.ඔවුන්ගේ කාරිය වේවැල් බටපොතු ආදියෙන් කුඩා කුළු, කුඩා වට්ටි, පෙට්ටි ආදිය විවීමයි.ඇද පුටුද වියා දෙන ඔවුහු,පඩිද නොතකා ජීවිකාව රැකගන්නෝය” යනුවෙන් රොබට්නො ක්ස්ගේ වාර්තාවල වේවැල් කර්මාන්තය පිළිබද දැක්වේ.මෙරට ආදිවාසී ජනතාවද බඹර කැපිම සදහා ඉනිමං සැදිමට වේවැල් භාවිතා කර ඇත.මේ කරුණු කාරණා සියල්ල සලකා බැලිමේදි වේවැල් කර්මාන්තයේ ශ්‍රී ලංකා ඉතිහාසය සියවස් ගණනාවක එපිටට දිවයන බව පෙනේ.

වේවැල් කර්මාන්තයේදි ප්‍රධාන අමුද්‍රවය ලෙස යොදා ගැනෙන්නේ විවිධ ප්‍රභේදවලට අයත් වේවැල් වර්ගයි.මෙරට වේවැල් භාණ්ඩ සැකසීම සදහා භාවිතා කරන විවිධ වර්ගයේ වේවැල් අපට දැකිය හැකියි.හීන් වේවැල්,සුදු වේවැල්,මා වේවැල්, කම්බොටු වේවැල්, නර වේවැල්, එළ වේවැල්, මැලේසියා වේවැල්, කැකුළු වේවැල්ඒ වා අතර වේ. මේ වනවිට වේවැල් භාණ්ඩ නිෂ්පාදනයට ප්‍රමාණවත් තරම් වේවැල් මෙරට හිග වීම නිසා සිංගප්පූරුව,මැලේසියාව, ඉන්දුනිසීයාව වැනි රටවල්ව ලින් වේවැල් ආනයනය කරනු ලැබේ.

භාණ්ඩ සැදීම සදහා වේවැල් සකසා ගන්නා ක්‍රියාවලියද තරමක කාලයක් ගතවන වැඩකි.වේවැල් ජලයේ හැදෙන නිසා කපාගත් පසු ජලය ඉවත් කරගැනිම අවශ්‍ය වේ.වේවැල් නිසියාකාරව නැමීමට නම් එහි තිබෙන ජලය ඉවත් වී තිබිය යුතුයි.ඒ සදහා සතියක පමණ කාලයක්වේ වැල් කෙළින් අතට තබා තිබිය යුතු වේ.හොදින් ජලය ඉවත් වූ පසු වේවැල් නැමිය හැක.ඒ සදහා පැරැන්නන්වි සින් භූමිතෙල් භාජනයකට වේවැල් කැබැල්ලක් දමා පොගවා ගෙන එය පන්දමක් ලෙස සකසා එම දැල්ලෙන්වේ වැල් නැමීම කරනු ලැබීය.පසුකලෙක, භූමිතෙල් දමා හුලං ගැසු බෝ ලැම්ප් සහ ඊටත් පසුව ගෑස් ටෝච් නම්උ පකරණයක් මේ සදහා භාවිතා කරනු ලැබීය.එලෙස නමා ගත් වේවැල් හීනියට ඉරාගෙන ඉන්පසුව අච්චුවක්භා විතා කර මැදගනු ලැබේ.ලී හා ඇණ භාවිතා කර එකින්එ කට සම්බන්ධ කරගනු ලබන වේවැල් කොටස් පාරම්පරික දැනුම භාවිතා කරමින් විවිධ රටා මවමින්වි යනු ලැබේ.

මෙලෙස වියාගන්නා වේවැල් තුලින් විවිධ භාණ්ඩ වර්ග සකස් කරගනු ලැබේ.ඉදිආප්ප තට්ටු,පුටු ,වට්ටි, පෙට්ටි, කිරිගොටු, කූඩ සහ තවත් අනේකවිධ විසිතුරු භාණ්ඩ වේවැළ් ආශ්‍රයෙන් සකස් කරගනු ලැබේ.මේ වේවැල්භා ණ්ඩ දේශිය මෙන්ම විදේශියව මෙතරම් ජනප්‍රියව ඇත්තේ ඒ සදහා යොදාගන්නා අලංකාර රටා නිසාවෙනි.

දේශිය කර්මාන්ත බොහොමයක් අද වනවිට ඉදිරියට පවත්වා ගෙන යාමේ අර්බුධයකට මුහුණ දී සිටින්නේ ඒ ආශ්‍රිතව කාලයෙන් කාලයට පැන නගින ගැටළු සදහා නිසි බළධාරින්ගේ අවධානයක් යොමු නොවන නිසාවෙනි.වේවැල් කර්මාන්තය සම්බන්ධයෙන්ද එලෙස ප්‍රධාන ගැටළු කිහිපයක් වර්තමානයේ හදුනා ගත හැකිය. ඉන් ප්‍රධාන වන්නේ මේ කර්මාන්තයට මුලිකව අවශ්‍ය අමුද්‍රව්‍ය වන වේවැල් මෙරට හිග වීමයි.ලංකාව තුළින් සපයාගන්නා වේවැල් මෙරට වේවැළ් කර්මාන්තයේ යෙදෙන අයට, දේශිය විදේශිය වෙළදපොළ ඉල්ලුම සපුරාලිම සදහා ප්‍රමාණවත් වන්නේ නැත.එම නිසා වැඩි මිලට විදෙස් ටරවලින් වේවැල් ආනයනය කිරිමට සිදුව තිබේ. එලෙස මැලේසියාවෙන් ආනයනය කරන වේවැල්කි ලෝවක මිල රු.1,800/- ද ඉක්මවයි.එම වැඩිමිල නිසා කර්මාන්තකරුවන්ට අඩු ලාහයකට වේවැල් භාණ්ඩ විකිණිමට සිදුවේ.

ඊලග ප්‍රධාන ගැටලුව වන්නේ වේවැල් කර්මාන්තය පාරම්පරිකව කරගෙන එනු ලැබු, මෙම කර්මාන්තයේ නියුකතවූවන් කර්මාන්තය අතහැර වෙනත් රැකියා සොයාගෙන යාමයි.වර්තමානය වනවිට වේවැල් භාණ්ඩ සදහා ආදේශක භාණ්ඩ බොහොමයක් වෙළදපොළ තුල දක්නව ලැබෙන නිසා ව්ශේෂයෙන් ප්ලාස්ටික් නිෂ්පාදන බහුල නිසා වේවැල් භාණ්ඩ විකිණිම අපහසු කරුණක් වී තිබේ.ආදායම අඩුවී යාම හා සමාජ තත්ත්වය අඩු වීම යන කාරණා මත පාරම්පරිකව මෙහි නියැලුනු අය මෙම කර්මාන්තය අත්හැර යමින් තිබේ. පාරම්පරිකව පැවතගෙන එන මෙම දේශීය කර්මාන්තය නගා සිටුවීම සදහා කටයුතු කිරිම වර්තමානයේදි ඉතා වැදගත් කරුණකි.දේශිය වෙළදපොළ තුල වැඩි ඉඩකඩක්මේ සදහා ලබාදීමෙන් සහ විදෙස් රටවලට අපනයන කිරිම තුලින් විදෙස් විනිමය වැඩි වශයෙන් ලබාගැනිමය්ට කටයුතු කිරිමෙන් මේ කර්මාන්තය හැරගිය ශිල්පින් කර්මාන්තකරුවන් නැවත ගෙන්වා ගත හැක.ඒ සදහා කල යුත්තේ ඉහත සදහන් වූ ගැටළු සදහා ස්ථිර විසදුම්
නිසි බළධාරින් විසින් ලබාදීමයි. වේවැල් කර්මාන්තයට අවශ්‍ය පුහුණුව හා පහසුකම් සැපයිම සදහා වේවැල්දෙණිය ප්‍රදේශයේ ආරම්භ කල වේවැල් මධ්‍යස්ථානයද පසුගිය කාලයේ වැසි තිබුනි. වේවැල් කැපිම සදහා බලපත්‍ර ලබාගැනිමේ ක්‍රියාපටිපාටියේ පවතින දුෂ්කරබව සහ බදු ප්‍රශ්නද මෙම කර්මාන්තය පසුබැසිමට හේතුවී තිබේ.වේවැල් කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ සිය නිෂ්පාදන සදහා හොද විදේශිය ඉල්ලුමක් පවතින බැවින් නිසි අනුග්‍රහයක් හා අවධානයක් ලැබේ නම් වේවැල් භාණ්ඩ අපනයනයෙන් විශාල ආදායමක් මෙරටට ලබා ගත හැකි බවයි.

වර්තමාන රජය තුළ දේශිය කර්මාන්ත නගා සිටුවීම සදහා වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙකු පත්කර තිබිම හා ගෙවුනු මාස තුනක පමණ කාලය තුල මැටි කර්මාන්තය නගා සිටුවීමට රජයෙන් ගත් පියවර ප්‍රශංසනීය වේ.එලෙසටම වේවැල් කර්මාන්තය සදහාද රජයේ අවධානය යොමු වී අඩුමිලට අමුද්‍රව්‍ය සපයාදිම,වේවැල් භාණ්ඩ විකිණිම සදහා දේශිය මෙන්ම විදේශිය වෙළදපොළ සකසාදීම හා වේවැල් කර්මාන්තකරුවන්ට හොද ආදායමක් ලැබෙන පරිදි කර්මාන්තය ශක්තිමත් කිරිම රජය තුළින් අවධානය ලක්විය යුතු මූලික කරුණු වේ.

අපේ දේ මිලට ගැනිම වෙනුවෙන් මෙරට තුල ඇතිව තිබෙන ධනාත්මක ප්‍රවණතාවය මෙහිද් විශේෂයෙන් සදහන් කල යුතු වේ.පුද්ගලයන් තුල දේශිය භාණ්ඩ මිලට ගැනිමට ඇති උනන්දුව නිසාවෙන් මැත කාලයේදි මෙරට සුපිරි වෙළදසැල්වල දිරියෙන්ම වේවැල් නිෂ්පාදන අලංකාර ලෙස අසුරා තිබෙනු අපට දැකගත හැකි විය.මේ ප්‍රවණතාවයෙන් ප්‍රයෝජන ගෙන වේවැල් කර්මාන්තකරුවන් උනන්දු කිරිමට රජයට මෙමගින් හැකිය.එලෙසම වේවැල් භාණ්ඩ වෙනුවෙන් වැඩිපුර භාවිතා කරන ප්ලාස්ටික් පරිසරයට අහිතකර නිසා පරිසර හිතකාමි නිෂ්පාදන ලෙස වේවැල් භාණ්ඩ භාවිතය ප්‍රචලිත කල හැක.

මෙම දීර්ඝ කරුණු දැක්විමෙන් අනතුරුව පාඨක ඔබගෙන් අප බලාපොරොත්තු වනුයේ කෙමෙන් අප අතරින් ගිලිහි යන නමුත් කලක බොහොමයක් දෙනාගේ ජිවිකාව බවට පත්වූ වේවැල් කර්මාන්තය යළි නගා සිටුවීම වෙනුවෙන් අවධානය යොමු කරන ලෙසටයි.පරිසර හිතකාමි අපේ දෙයක් වෙනුවෙන් ඔබේ පෙනිසිටිම වේවැල්

කර්මාන්තකරුවන්ට වේවැලක එල්ලීමට ඉඩ නොතබනු ඇති.

ShareTweetShare

Related Posts

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය
TBC

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය

ලෝක ඉතිහාසයේ මෑත කාලීන මෙන්ම දීර්ඝ කාලීන ඉතිහාසය සූක්ෂමව පරීක්ෂා කිරිමේදී, වරින් වර විවිධ රටවල් නියෝජනය කරන විවිධ වයස් කණ්ඩායම්...

August 19, 2022
පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට
TBC

පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

මෙවර TBC කලාපය වෙන් වන්නේ මෙරට කාලාන්තරයක් තිස්සේ පැවත ආ, මේ වනවිට අභාවයට යමින් පවතින, මෙරට එක්තරා ආකාරයේ උප සංස්කෘතියක්...

June 24, 2022
Throwback Ceylon
TBC

ඔලිම්පික් ඉතිහාසයේ එදා මෙදා තුර ශ්‍රී ලංකා නාමය

ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේ තම ක්‍රීඩා දිවියේ ලබා ගැනීමට උත්සාහ කරන උච්චතම අවස්ථාව,සැබෑ කරගන්න බලාපොරොත්තු වන ලොකුම සිහිනය ඔලිම්පික් පදක්කමක් කිවහොත්...

May 23, 2022
Throwback Ceylon
TBC

90 ගණන්වල ටීවි එකේ හිට් වුනු පරණ ඇඩ්

වෙළද දැන්වීම්වලින් තොරවූ ලෝකයක් පිළිබදව ඔබට දැන් සිතන්නට පුළුවන්ද? කොහෙත්ම නොහැක.මේ කතා කරන මිනිත්තුවේ පවා අප කුමන හෝ නිෂ්පාදනයක සේවාවක...

May 23, 2022
Next Post
Throwback Ceylon

ඒ දවස්වල බලපු ටෙලි සිත්තම් මතක

Throwback Ceylon

මතකද බලන්න මේ කැසට් කතාව

Recommended

Throwback Ceylon

ලොව ජයගත් දිරිය ලක් කතුන්

May 17, 2022
Throwback Ceylon

90s and 2000s – Loku company Hadhana junk food

May 17, 2022
Throwback Ceylon

Most Popular sri Lankan holidays

May 17, 2022
Throwback Ceylon

2020 වසරේ ශ්‍රී ලාංකික මතක

May 23, 2022

Instagram

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.

#tbc Established in 2018

No Result
View All Result
  • Home
  • About TBC

Throwback Ceylon