• Home
  • About TBC
Throw Back
  • Home
  • About TBC
Throw Back
Throw Back

වීර කැප්පෙටිපොළ වීර කතාව

May 17, 2022
in TBC
Throwback Ceylon

වීර කැප්පෙටිපොළ වීර කතාව

ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් හමුවේ සිංහලයන්ගේ නිදහස වෙනුවෙන් අභීතව සටන් කළ වීර කැප්පෙටිපොළ අදිකාරම්තුමා මෙරට ඉතිහාසයේ සුවිශේෂි රණකාමි සෙන්පතියෙකි.

කැප්පෙටිපොළ දිසාවේ උපන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ මොනරවිල යන ගමේ වන අතර පියා රාජසිංහ රජ සමයේ දිවවඩන නිලමේ ධූරය දැරු කැප්පෙටිපොළ නිලමේය.මව මොනරවිල කුමාරිහාමි නම්වේ. මෙම මව් පිය දෙපළට එක් දියණියක් හා පුතුන් දෙදෙනෙක් වූ අතර ඔවුන්ගේ වැඩිමහල් පුතු මොනරවිල කැප්පෙටිපොළ අදිකාරම් තුමායි.ලක් ඉතිහාසයේ ප්‍රකට කාන්තා චරිතයක් වූ ඇහේලේපොළ අදිකාරම්ගේ බිරිද ඇහේලේපොළ කුමාරිහාමි මෙම දෙපළගේ එකම දියණියයි. කැප්පෙටිපොළ අදිකාරම්තුමාගේ උපත මොනරවිල වලව්වේ වූ බවටත් එතුමාගේ ජන්මය සිහිකොට පල්ලෙපොල වේළුවන විහාරයේ බුදුගෙය ඉදිකර ඇති බවටත් එය වසර 200කට වඩා ඉපැරණි බවටත් ඉතිහාස පොතපතේ සදහන් වේ. 

පල්ලෙපොළ වේළුවන විහාරයේ තිබුනු ධානය  අටුව.

ඒ අභීත සෙන්පතියා වර්ෂ 1818 නොවැම්බර් 26 දින මහනුවර බෝගම්බර වැව අසල දංගෙඩිය මත හිස තබා, තම රට දැය සමය වෙනුවෙන් නිර්භීතව තම ජීවිතය පුජා කිරිම  ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත.

මෙම ඉතිහාස කතාව අධ්‍යනය කිරිමේදී වසර 1817- 1818 ඌව වෙල්ලස්ස කැරැල්ලටද විශේෂ තෑනක් හිමිවේ.එම කතාව සැකෙවින් දක්වන්නේ නම් එය පහත පරිදිය

උඩරට රාජධානිය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ට යටත්වූයේ ක්‍රි.ව 1815 මාර්තු මස 02 වනදාය.එදින මහනුවර මගුල් මඩුවේදි උඩරට ගිවිසුම අත්සන් කරන ලදි.මෙම ගිවිසුමට සමහර උඩරට නිළමේවරුන් දෙමළ අක්ෂරයෙන් අත්සන් යොදා ඇති අතර සමහර නිළමේවරුන් සිංහල අක්ෂරයෙන් අත්සන් යොදා ඇත. කැප්පෙටිපොළ අදිකාරම්තුමාද ඒ අතරින් එක් උඩරට නිළමෙවරයෙනි.කෙසේවෙතත් කැප්පෙටිපොළ අදිකාරම්තුමා මෙම උඩරට පාවා දෙන ගිවිසුම අත්සන් කලද,ඔහු එය කැමැත්තනකින් නොකල ක්‍රියාවක් බවට ඔහුගේ පසුකාලීන ක්‍රියාවන්ගෙන් පෙනී යයි. උඩරට ගිවිසුමෙන් පසුව කැප්පෙටිපොළ නිලමේ ඌව පලාත් දිසාවේ පදවියට පත්විය.

කල් හතවන විට බ්‍රිතාන්‍ය පාලකයන් උඩරට හිවිසුමේ කොන්දේසි කඩන්නට විය.උඩරට නිලමේවරුන් සම්බන්ධව බ්‍රිතාන්‍ය පාලකයන් සැක කල අතර ඔවුන් විසින් පනවන ලද අණ පනත් නිසා සාමන්‍ය ජනතාව දැඩි ලෙස පීඩා විදින ලදි. මේ නිසාම ඉංග්‍රීසි  පාලනය කෙරෙහි කුපිතවී සිටි සබරගමුව වැනි පළාත්වල වැසියන් බදු ගෙවීම පැහැර හරින ලදි. මේ අතර එවකට උඩරට ප්‍රධාන ඒජන්තව සිටි ජෝන් ඩොයිලි විසින් මුස්ලිම් ජාතිකයකු වූ හජ්ජි නැමති වෙළෙන්දෙකු වෙල්ලස්සේ මුහන්දිරම් තනතුරට පත් කරන ලදි.මේ සියළු සිද්ධීන් නිසා සිංහලයන් දැඩිලෙස ඉංග්‍රීසි පාලනය පිළිබද කුපිත වි සිංහල නායකයන් පෙරටු කරගෙන සටන් අරඹන ලදි,ඌව වෙල්ලස්ස, වලපනේ, මාතලේ, හාරිස්පත්තුව,දුම්බර යන ආදි ප්‍රදේශවලින් බ්‍රිතාන්‍යය අධිරාජ‍යයට විරුද්ධව සිංහලයන් සටන් කිරිමට එක්වි පෙරමුණ ගත්තේ එහි ප්‍රතිඵලයක් නිසාවෙන්ය. එම සටන මර්ධනය කිරිමට සහ බ්‍රිතාන්‍ය  පාලනයට එරෙහිව ක්‍රමන්ණනයක් සිදුවන බවට යන රාවය ගැන සොයා බැලිමට උඩරට ප්‍රධාන එජන්ත ජෝන් ඩොයිලි විසින් කැප්පෙටිපොළ දිසාව යවන ලදි. 

ඇහැලේපොළ ,මොනරවිල, කපුවත්ත යන නිලමේවරු උඩරට එජන්ත ජෝන් ඩොයිලි සමග

ඒ අනුව 1817 නොවැම්බර් 17 වන දින කැප්පෙටිපොළ දිසාව තම සේනාංකය සමග ඌව වෙල්ලස්ස බලා පිටත් වූ අතර ඌව වෙල්ලස්ස සිංහල සටන්කාමීන් සමග අළුපොතදි සේනාංක දෙක මුහුණට මුහුණලා මුණ ගැසුණි. කැප්පෙටිපොළ දිසාව කෙරෙහි වූ මහත් ගෞරවයෙන් සිංහල සටන්කාමීන් සිදු වී ඇති හා සිදුවන්නට යන මහත් විපත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලදි. එපමණක් නොව සිංහලේ කොඩිය  රැගෙන ඉදිරියට ආ කොහුකුඹුරේ රටේරාළ හා බූටැවේ රටේරාළ සිංහලයන් ඉංග්‍රීසින්ගෙන් බේරාගන්නා සටනට නායකත්වය ගන්නා මෙන් ඉල්ලා සිටියහ.කරුණු වහා වටහා ගත් කැප්පෙටිපොළ අධිකාරම්තුමා මෙතක් සගවා ගෙන සිටි දේශානුරාගයෙන් ඔදවැටි තමන් සමගින් පැමිණි ඉංග්‍රීසි සේනාංකය අමතා “තොපගේ මේ කොඩියත් ආ‍යුධත් රැගෙන නැවත යනු, තොපගේ ආයුධ වලින් තොපටම පහරදීම සිංහලයන්ට  මදිකමකි.කැප්පෙටිපොළ දිසාව ඉංග්‍රීසින්ගෙන් සිංහලයන් නිදහස් කර ගැනිමේ සටනට එක්වූ බව් උඩරට එජන්තට දන්වන්න” යැයි කෑමොර දී පැවසු බවට ඉතිහාසයේ සදහන් වේ.

ජාතියේ නිදහස වෙනුවෙන් ඌව වෙල්ලස්සෙන් ඇරඹි මෙම සටන මුළු රට පුරාම ගින්නක් සේ වැඩිකලක් නොහොස් පැතිරී ගියේය.ජයග්‍රාහිව සටන ඉදිරියට ඇදෙන්නට වූ අතර අපගේම සිංහල රදල නායකයන්ගේ පාවාදීම්  කිහිපයක් නිසා සටන පසුව පසුබෑමකට ලක් විය.අනුරාධපුර පූලියන්කුලම පිහිටි බ්‍රිතාන්‍ය යුධ කදවුරේ සිටි විලියම් ඕනිල්ට ඔත්තුවක් ලැබි කහල්ල නම් ගමේදී කැප්පෙටිපොළ දිසාව අත්අඩංගුවට ගන්නා ලදි.ඒ ඔක්තොම්බර් 28 වැනි දිනකය. වසර 1818 නොවැම්බර් 26 වන දින කැප්පෙටිපොළ දිසාව සහ මඩුගල්ලේ දිසාව බෝගම්බර වැව අසලදි හිස ගසා මරා දැමීමට නියම කරන ලදි.කැප්පෙටිපොළ දිසාව නිරන්තරයෙන්ම තමන් ලග පුස්කොළ පොතක ලියන ලද ධම්මපදයක් කියවීමට භාවිතා කල බව සදහන් වේ.හිස ගසා දැමීමට නියම වූ දින උදේ වරුවේ දළදා වහන්සේ වැද පුදා ගත් මෙතුමා වධකයා අභියසට ගොස් පුස්කොළ පොත රැගෙන එහි පේළි කිහිපයක් කියවන ලදි.ඉන් අනතුරුව වධකයාව එක කඩු පහරින් මගේ ගෙල සිද දමන්න යැයි පවසමින් “ඉතිපිසො භහවා අරහන් ” යැයි ඉතිපිසෝ ගාථාව හඩගා කියමින් නිර්භීතව ගෙල ඉදිරියට නමා සිටියේය.අරහන් යන වචනය පිටවනවාත් සමහ වධකයාගේ එක කඩු අහරින් මෙම නිර්භීත සිංහලයාගේ ගෙල සිදුනි.උඩරට සිරිතට අනුව වෙන් වූ හිස කැප්පෙටිපොළ දිසාවගේ ප්‍රාණයෙන් තොර සිරුරේ පපුව මත තබන ලදි.

මෙම වීරෝධාර සෙන්පතියාගේ හිස අසහාය උදාර මිනිසෙකුගේ හිසක් යැයි පර්යේෂණ කිරිමට එංගලන්තයේ එඩින්බරෝ’ කෞතුකාගාරයට ගෙන ගොස් වෛද්‍ පර්යේෂණ වලට පවා ලක්කර තිබේ.

පසුකලෙක 1954 නොවැම්බර් මස 26 වන දින කැප්පෙටිපොළ මග දිසාවගේ හිස නැවතත් ශ්‍රී ලංකාවට ගෙනව්ත් මහනුවර මහ මළුවේ ශ්‍රී දළදා වහන්සේ අභියස ස්මාරකයක් කොට තැන්පත් කරන ලදි.

පසුකලෙක කැප්පෙටිපොළ දිසාව ජීවත් වු  මොනරවිල වලව්ව  ඉංග්‍රීසින්  විසින් රාජසන්තක කර එහි දේපළ සියල්ල විනාශ කර දමා ඇතැයි  ඉතිසාස පොත පතෙහි සදහන් වේ.එහි  ගල්කණු කිහිපයක් පමණක් නෂ්ටාවශේෂ ලෙස අද දක්නට ලැබේ.කැප්පෙටිපොළ දිසාව මහනුවර රජ වාසලට ගමන් කිරිමේදී අතරමග විවේක ගැනිම සදහා භාවිතා කළ මාතලේ හුලංගමුව  පිහිටි වලව්ව අදත් සුරක්ෂිතව පවති.එම වලව්වේ කැප්පෙටිපොළ දිසාවගේ 06 වන පරම්පරා ව අදටත් ජීවත් වේ.

උදාර වීර පුතෙකුගේ දේශභිමානී සටන එලෙස අවසන් වූයේ අවුරුදු ගණනාවකට ඉතිහාස පොතේ වීර කැප්පෙටිපොළ යන නම රන් අකුරින් ලියා තබමිනි.

ShareTweetShare

Related Posts

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය
TBC

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය

ලෝක ඉතිහාසයේ මෑත කාලීන මෙන්ම දීර්ඝ කාලීන ඉතිහාසය සූක්ෂමව පරීක්ෂා කිරිමේදී, වරින් වර විවිධ රටවල් නියෝජනය කරන විවිධ වයස් කණ්ඩායම්...

August 19, 2022
පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට
TBC

පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

මෙවර TBC කලාපය වෙන් වන්නේ මෙරට කාලාන්තරයක් තිස්සේ පැවත ආ, මේ වනවිට අභාවයට යමින් පවතින, මෙරට එක්තරා ආකාරයේ උප සංස්කෘතියක්...

June 24, 2022
Throwback Ceylon
TBC

ඔලිම්පික් ඉතිහාසයේ එදා මෙදා තුර ශ්‍රී ලංකා නාමය

ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේ තම ක්‍රීඩා දිවියේ ලබා ගැනීමට උත්සාහ කරන උච්චතම අවස්ථාව,සැබෑ කරගන්න බලාපොරොත්තු වන ලොකුම සිහිනය ඔලිම්පික් පදක්කමක් කිවහොත්...

May 23, 2022
Throwback Ceylon
TBC

90 ගණන්වල ටීවි එකේ හිට් වුනු පරණ ඇඩ්

වෙළද දැන්වීම්වලින් තොරවූ ලෝකයක් පිළිබදව ඔබට දැන් සිතන්නට පුළුවන්ද? කොහෙත්ම නොහැක.මේ කතා කරන මිනිත්තුවේ පවා අප කුමන හෝ නිෂ්පාදනයක සේවාවක...

May 23, 2022
Next Post
Throwback Ceylon

අපේ අපූරු හස්ත කර්මාන්තය – වේවැල් කර්මාන්තය

Throwback Ceylon

ඒ දවස්වල බලපු ටෙලි සිත්තම් මතක

Recommended

Throwback Ceylon

Sri Lanka’s all-time Favorite toffees – Milk Toffees (කිරි ටොෆී) and Coconut Toffees (පොල් ටොෆී)

May 17, 2022
Throwback Ceylon

ඔලිම්පික් ඉතිහාසයේ එදා මෙදා තුර ශ්‍රී ලංකා නාමය

May 23, 2022
Throwback Ceylon

List of Prime Ministers of Sri Lanka

May 17, 2022
Throwback Ceylon

බයිලා කියවන් නැතුව බයිලා ගැන කියවන්න

May 23, 2022

Instagram

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.

#tbc Established in 2018

No Result
View All Result
  • Home
  • About TBC

Throwback Ceylon