• Home
  • About TBC
Throw Back
  • Home
  • About TBC
Throw Back
Throw Back

ඒ දවස්වල බලපු ටෙලි සිත්තම් මතක

May 17, 2022
in TBC
Throwback Ceylon

ශ්‍රි ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසය තුළ ප්‍රේක්ෂක අප අමන්දානන්දයට පත්කල නිර්මාණ රැසක් අපට හමුවේ. පුංචි තිරය තුළින් රසික සිත් පහන් කරමින් කාලාකාමි මිනිසුන් බිහි කිරිමෙහිලා මෙන්ම ආදර්ශමත් යම් පණිවිඩයක් සමාජගත කිරිමෙහිලා ටෙලි නාට්‍ය විශාල මෙහෙවරක් කරනු ලබයි.ඇත්තෙන්ම මෙරට ටෙලි නිර්මාණවල ස්වර්ණමය යුගය ලෙසට  80 සහ 90 දශක හැදින්විය හැක.දශක තුනකට දිවයන ටෙලි සිතුවම් අතීතය ආරම්භ වන්නේ 1984දී විකාශය වුනු “දිමුතු මුතු” ටෙලි නාට්‍ය  සමගින් වේ.එතැන් සිට ඉතා ගුණවත් හරවත් කාලාකාමි නිර්මාණ බිහිවූ අතර 2000න් පසුව ඉන්දියානු මෙගා නාට්‍ය  මෙටර තුල විකාශනය වීමෙන් හා එයින් ලද අභාෂයෙන් සැදුනු මෙගා නාට්‍ය  නිසා අද වනවිට අපගේ ටෙලි නිර්මාණ අවරගණයේ නිර්මාණ බවට පත්ව ඇතැයි විටෙක හැගී යයි.එවන් කාලයක අප ඔබට මේ මතක් කිරිමට උත්සාහ කරන්නේ ඉහළ රසවින්දනයක් ඇතිව නැරඹිය හැකි 90 දශකයේ ටෙලි නිර්මාණ කිහිපයකි.


01. කන්දෙගෙදර

කන්දේගෙදර යනු මෙරට ටෙලි නාට්‍ය ඉතිහාසයේ නමක් රැන්දු අදටද එකලෙස ජනප්‍රිය ටෙලිනාට්‍යයකි. සමාජය යනු විවිධ වූ සාරධර්ම,සංස්කෘති,විශ්වාස, උරුමයන්, ජීවන රටාවන් වලින් හෙබි පුද්ගලයන්ගෙන් සැදුම් ලද්දකි.මෙහි වෙනස පවුලකට ආදේශ කරමින් මනාව රැපිත වන ආකාරයට නිර්මාණය වූ කතාන්දරයකි කන්දෙගෙදර ටෙලිනාට්‍යය.කන්දෙගෙදර යනු ශ්‍රි ලාංකාවේ ග්‍රාමීය ප්‍රදේශයක කන්දක පිහිටි ගෙදරක පවුලක කතාන්දරයකි.එම පවුලේ එදිනෙදා ජිවිතය,පරම්පරාවෙන් පරම්පරාවට ආචාරධර්මයන් ගලායන ආකාරය,සම්ප්‍රදායික වටිනාකම් සමග නාගරික පරිසරය ගැටෙන ආකරය සහ එම සංස්කෘතික විපර්යාසයන් සමග මෙම කන්දෙගෙදර පවුලේ බැදිම් ගලායන ආකාරය මෙහි මනාව නිරූපණය වෙයි.බාල මහත්තයා, ලොකු හාමිනේ,සෙනරත්,මයුර,සුභාෂ්,සදුන්,අල්මේදා,කාලගුනේ,චමරි,රන්ජන් යන චරිත අප අතරම සමාජයේ වෙසෙන අපේම චරිත බව මෙම ටෙලිනාට්‍යය නැරඹිමේදි අපට හැගෙයි.

ආනන්ද අබේනායක අධක්ෂණය කල,රෝහණ බැද්දෙගේ,රම්යා වනිගසේකර,ජැක්සන් ඇන්තනි,සුසන්තා චන්දමාලි,වීණා ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න ඇතුළු දක්ෂ නළු නිළියන් රැසක් මෙහි  රංගනයෙන් දායක වී ඇත. කන්දෙගෙදර යනු සමාජයට ආදර්ශමත් පණිවිඩයක් දෙන අතරම ප්‍රේක්ෂකයින්ට විනෝදාස්වාදයද ලබාදෙන මතකයේ රැදෙන නිර්මාණයක් වේ.


02. දූදරුවෝ

දූදරුවෝ යනු පවුලක් වටා දිවෙන ටෙලිනාට්‍යයකි.පවුලක් ආරම්භවී වර්ධනය වන ආකාරය,පරම්පරා ගණනාවක් මුළුල්ලේ එය වෙනස් වන ආකාරයත්, විවිධ සදාචාරයන් එයට ඇතුලත් වන ආකරයත්, මනාව පෙළ ගස්වමින් මෙම ටෙලිනාට්‍ය නිර්මාණය කර තිබුනි.දූදරුවෝ යනු ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍යය ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබු ටෙලිනාට්‍යයකි.

ශ්‍රි ලාංකීය රැපවාහිනිය තුළ ප්‍රේක්ෂක රසවින්දනය පිළිබද පර්යේෂණාත්මක වැඩසටහන් නිර්මාණ කරනයේ යෙදෙන කාලවකවානුවක විකාශය වූ දූදරුවෝ ටෙලිය, මේ වන විට තරුණ වියේ පසුවන්නන්ට රසවිද්න්නට නොලැබුනු, වැඩිහිටි පරම්පරාවේ නොමද ආදරයට ලක්වූ නිර්මාණයකි.අද වනවිට අපේ ආලින්දය පුරා අණසක විහිදුවා තිබෙන අගක මුලක්නො මැති අවර ගණයේ මෙගා නාට්‍ය සැකසෙන්නට සිතාවත් නොමැති යුගයක දූදරුවෝ යනු මෙරට දීර්ඝ කාලයක් විකාශය වූ මෙගා ටෙලි නාට්‍ය වේ. මෙය මෙගා ටෙලි නාට්‍යක් සැකසිය යුතු පදනම හා එය දිවයන ආකාරය පිළිබද මනා වැටහීමක් ඇතිව කල නිර්මාණයක් විය.

දූදරුවෝ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත වූ, ඩලසි ආච්චි,සැම්සන්,ඩලස්,කුසුමලතා,සුමනේ,නන්දසිරි,පුන්සිරි,සුධර්මා වැනි චරිත අපට එදිනෙදා ජිවීතයේද මුණ ගැහෙන චරිත තුලින් බිහිවූ ඒවා වේ.වසර 1990දී ජනප්‍රියම ටෙලි නාට්‍ය වූ මෙය පුරා වසර පහක් විකාශය විය.දූදරුවෝ විකාශනය 1990.12.27 ආරම්භ වූ අතර එය අවසන් වූයේ 1995.12.17 වනදායි.සෝමවීර සේනානායක තිරපිටපත් රචනය කල නාලන් මෙන්ඩිස් විසින් අධක්ෂණය කල දූදරුවෝහි. අද බොහෝ සෙයින් ජනප්‍රිය ප්‍රවීණ නළු නිළියන් රැසක් තම රංගනයෙන්  දායක වී ඇත.හෙන්රි ජයසේන,අයිරාංගනී  සේරසිංහ,ජයලත් මනෝරත්න,එච්.ඒ.පෙරේරා,සුනේත්‍රා සරස්චන්ද්‍ර,නීල් අලස් වැනි ප්‍රවීණයන් ඒ අතර විය.

දූදරුවෝ විකාශනය වී අවුරුදු විසිපහක් ගතවී ඇතත්, තවමත් දූදරුවෝ යනු මෙරට ටෙලි නාට්‍ය ඉතිහාසයේ සදා නොමැකෙන සළකුණකි.


03. යශෝරාවය

බලදේවගේ සරල ගතිපැවතුම්, සූරතිස්සගේ අහිංසක අව්‍යාජ සිතුම්,රංජනීගේ මුරණ්ඩුකම හා බොරු නාස්තියත්, සුනිමල්ගේ සෙල්ලක්කාරකමත්, එක්ව සුදුහාමිනේ හා රංජනීගේ තාත්තා ජීවන යුද්ධයට පොරබදින සැටි විටෙක හිනාවෙන් මෙන්ම විටෙක දැඩි වේදනාවකින් ප්‍රේක්ෂක අප කරා රැගෙන ආ අපූර්ව ටෙලි නාට්‍ය යශෝරාවය නම්වේ.එකිනෙකට වෙනස් ආකල්ප ඇති දරුවන්ගේ ක්‍රියාවන් වෙනුවෙන් එකලෙස නොවෙනස් නොබිදිනු ආදරයකින් රැකබලා ගන්නා දෙමාපියන්ගේ කදුළු කතාව ලෙසටත් යශෝරාවට හැදින්විය හැක.

මෙය සෝමවීර සේනානායක නම්වූ විශිෂ්ඨ ගත් කතුවරයාගේ යශෝරාවය නම්වූ නවකතාව පදනම් කරගෙන පරාක්‍රම නිරිඇල්ල විසින් අධක්ෂණය කරන ලද්දකි.ලකී ඩයස්, අයිරාංගනී සේරසිංහ,ගීතා කාන්ති ජයකොඩි ආදි ප්‍රවීණ නළු නිළියන් රැසක් මෙම නිර්මාණයට රංගනයෙන් දායක වී ඇත.ෂෙල්ටන් මිහිදුකුලසූරිය විසින් අගනා සංගීතයෙන් මෙම ටෙලි නාට්‍ය රසවත් කර ඇත.

දරුවන්ටත් දෙමාපියන්ටත් එකලෙස ආදර්ශමත් සංවේදී කතාවක් වූ මෙය අදටත් ජනප්‍රිය ටෙලි නිර්මාණයකි.


04. ඉටිපහන්

සුමිත්‍රා රාහුබද්ධ නම්වූ විශිෂ්ඨ ලේඛිකාවගේ අගනා නවකතාවක් වූ ඉටිපහන් කෘතිය පදනම් කරගෙන සෝමරත්න දිසානායක විසින් ටෙලිපිටපතකට රචනා කර ඔහු විසින්ම අධක්ෂණය කල ජනප්‍රිය ටෙලි නාට්‍යයකි ඉටිපහන්.

මෙරට නිදහස ලැබිමට ආසන්න කාලයේ, 1940 බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ,බ්‍රිතාන්‍ය දිසාපතිවරයෙකුගේ මාරාන්තික්ව රෝගාතුරව වෙසෙන බිරිදට උපස්ථාන කිරිම සදහා පැමිණෙන දූලීනා නම්වූ ග්‍රාමීය කාන්තාවගේ දුක්ඛිත කතාව මෙම  නාට්‍යයට පදනම්ව ඇත.ඇය විසින් පවුලේ අයගේ සිත් දිනාගන්නා ආකරයත් පසුව ඔවුන්ගේම වෙනස්කම් වලට ලක්වන දුලීනාගේ දුක්බර කතාව ඉතා  හොද  සංයමයකින් යුතුව මෙහි ඉදිරිපත් කර තිබේ.

නන්දා මාලිනියන් විසින් ගායනා කරන “ඉටි පහනක් දෝ මා” යනුවෙන් ගැයෙන මෙහි තේමා ගීතය කොතරම් සිත්ගන්නා සුළු ජනප්‍රිය ගීතයක්ද යන්න අදටද එම ගීතය ඇසෙන විට අසරණ දූලීනා අපට සිහිපත් කරයි.

මෙහි රංගනය,අධෂක්ෂණය සංගීතය  යන හැම අංශයක්ම ඉතා විශිෂ්ඨ ආකාරයෙන් වූ අතර අදටද අප මතකයේ රැදී තිබේ. වසන්ති චතුරාණි,හේමසිරි ලියනගේ,ගාමිණි හෙට්ටිආරච්චි, දීපානි සිල්වා ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක විය.


05. ගජමන් නෝනා

ගජමන් නෝනා ටෙලි නාට්‍ය පිළිබද මතකය අවධි කිරිමේදි එක්වරම සිහියට නැගෙනුයේ විශාරද නන්දා මාලිනියන් විසින් ගායනා කරන, අදටද එකලෙස ජනප්‍රිය, එහි තේමා ගීතය වූ, ” ජීවිතය කවියක් ආදරය එහි සොදුරැතම වදනක් ” යන අපූර්ව ගීතයයි.ටෙලි නාට්‍ය තේමාගීත ඉතිහාසය තුළ අතිශයින්ම ජනප්‍රියවූ තේමාගීතය මෙය කීවාටද වරදක් නැත.

ගජමන් නෝනා ටෙලි නාට්‍ය කේ,බී හේරත් මහතා විසින් රචනා කරනලද, විමලරත්න අධිකාරි නම්වූ දක්ෂ අධක්ෂකවරයා විසින් අධක්ෂණය කරන ලද්දකි.මෙහි සුමිහිරි සංගීතය ආචාර්‍ය රෝහණ වීරසිංහයන් විසිනි.වසර 1999දී මෙය ජාතික රැපවාහිනියේ විකාශය වූ අතර වසන්තු චතුරානි, ජයලත් මනෝරත්න,නීල් අලස්,ප්‍රියා රණසිංහ,නයනා කුමාරි ආදි ප්‍රවීණ නළු නිළියන් රැසක් මෙහි රගපැම් කරන ලදි.

දෝන ඉසබෙලා කොරනේලියා නැතහොත් ඒ.කේ.ඒ.ගජමන් නෝනා සිංහල සාහිත්‍ය ඉතිහාසයේ නොමැකෙන චරිතයකි.ඇයට තිබු කවි ලිවීමේ හා කවි ගැයුමේ හැකියාව විශ්මයජනක බව කියැවේ.එය කොතරම් සිත්ගන්න සුළු වූවාද කියතොත්, එවකට හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවල රජයේ නියෝජිත ජෝන් ඩී ඔයිලි පවා පුදුමයට පත්ව ඇත.ඉතාම ධනවත් පවුලක උපත ලැබුවද ඇයගේ ස්වාමි පුරැෂයා අකාලයේ මියයැම නිසා දරුවන් සමග දුක්බර දිවියක් ගෙවා තිබේ.මෙම සුවිශේෂි චරිතය ඉතා සුක්ෂම ලෙස අමතක නොවන චරිතයක් ලෙස ප්‍රවීණ නිළි වසන්ති චතුරානි විසින් නිරූපණය කරයි.


06. සුසීමා

චිත්‍ර කතා පුවත්පත්, 90 දශකය මුල් භාගයේ මෙරට ඉතා ජනප්‍රියව පැවතුනේය.ඒ අතරන් ජනක රත්නායක විසින් නිර්මාණය කල සුසීමා, අදටත් ජනප්‍රිය, මතක සිටින ටෙලිනාට්‍යකට නැගුවේ රොහාන් වැලිවිට විසින්ය.

ශ්‍රි ලාංකාවේ මුල්ම සංගීතමය ටෙලිනාට්‍ය වන්නේ 80 දශකය අග භාගයේ විකාශය කෙරුනු රේඛා ටෙලිනාට්‍යයයි.නමුත් සංගීතමය ටෙලිනාට්‍යක් පිළිබද මතකය ආවර්ජනය කිරිමේදි අපට නිතැතින්ම මතකයට නැගෙනුයේ සුසීමා ටෙලිනාට්‍යයයි.

ආදරය, මත්ද්‍රව‍ය ජාවාරමක් හා සංගීතය බැදුනු කතාවක් මේ තුළින් දිවයයි.ප්‍රේක්ෂක ආදරයට නොමදව ලක්වූ මෙය පසුකාලීනව සිනමාවට නැගුනද එය එතරම් ජනප්‍රිය වූයේ නැත.

ජැක්සන් ඇන්තනි, පාලිත පෙරේරා,මැණික් කුරුකුලසූරිය ආදී ජනප්‍රිය ප්‍රවීණ නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක විය.

සුසීමා පිළිබද මතකය සදාකල් කරවන්නට සමත් වූ ක්ලැරැන්ස් විජේවර්ධන නම්වූ අසහාය සංගීතවේදියාගේ සංගීතයෙන් ඔපවත් වූ මිහිරි ගීත මෙහිදි මතක් කල යුතුවම ඇත.දෑස පියාගත් කල මට, සිතේ සුසුම් නිවනා ගායනා, රෑ තාරකාවෝ, තටු සලා යන්න නම් ආකාශයේ වැනි අදටද එකලෙස ජනප්‍රිය ගීත මෙහි ඇතුලත් විය.


07. රතු රෝස

90 දශකයේදි ප්‍රේක්ෂක ආදරය නොමදව දිනාගන්නා ලද ආදරණිය ටෙලි වෘත්තාන්තය රතු රෝස අදටද නොදන්නා කෙනෙකු නොමැත. එහි වූ ආදරණීය කතාවටත් වඩා එහි තේමා සංගීතය අදටද නැවත නැවත අසන්නට සිත්දෙන මිහිරි සංගීතයකි.එය කොතරම් ප්‍රබලව රසික මනසට ඇතුළු වුවාද කියහොත්, රතුරෝස අධක්ෂක රන්ජන් ද සිල්වා මහතා විසින් ඉන්පසුව ඔහු අධක්ෂණය කරන ලද සියළුම ටෙලි  නාට්‍ය සදහා එම සංගීතයම යොදාගන්නා ලදි.

ආදරණිය චාපා ලෙස රගපෑ වන්දනා ලියනාඅරච්චි හා සෙල්ලක්කාර පෙම්වතෙකු වූ සරත්ට පණ පොවන ලද කමල් අද්දරාඅරච්චි, තරුණ තරුණියන් අතර වඩාත් ජනප්‍රිය චරිත බවට පත් වූහ.

රතුරෝස එම නමින්ම රචනා කරන ලද නවකතාවක් පදනම් කරගෙන නිෂ්පාදනය වූ ටෙලි  නාට්‍යක් වේ.


08. අඹ යහළුවෝ

90 දශකයේ ළමුන්ගේ මීටත් වඩා සිත්ගත් ටෙලි නාට්‍යයක් තවත් නොමැති තරම්ය. අදටද බාල මහළු කා අතරත් ජනප්‍රියව ඇති මෙය මිහිරි ගීත කිහිපයකින්ද යුක්ත වේ.

ටී.බී.ඉලංගරත්න මහතා විසින් රචිත ළමා නවකතාවක් වූ අඹ යහළුවෝ පොත, ටෙලි නිර්මාණයක් ලෙස අධක්ෂණය කරන ලද්දේ සුදත් දේවප්‍රිය විසිනි,අනුලා කරැණාතිලක,අශෝක පීරිස්,අශේන් මංජුල,රසික පෙරේරා ආදි නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වන ලදි.

සුනිල් සහ නිමල් යන හොදම යහළුවන් දෙදෙනෙකුගේ හදවත් කම්පා කරවන මෙම කතාව විටෙක මිත්‍රත්වයේ සොදුරු බැදීම,විටෙක ග්‍රාමීය නාගරික පරිසරයේ වෙනස, විටෙක දුප්පත් පොහොසත් පන්ති අරගලය මනාව හුවා දැක්වෙන ලෙස ගලපා තිබේ.නපුරු මෛත්‍රී, සුනිල්ගේ ආච්චි ආදි කළු චරිත පවා අදටද ප්‍රේක්ෂක මනසේ තැන්පත්ව ඇත.

අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ ඇති තවත් විශේෂත්වය නම් ළමා මනසේ නිදන්ගත කරවූ අපූරු ළමා ගීත කිහිපයක් එහි ඇතුලත් වීමයි.

“කටු අකුලේ මල් ඇහැරේ – රළු අහසේ තරු හිනැහේ”, “පහන තියා බුදුසාදුට හිමිදිරියේ” වැනි අතිශයින්ම ජනප්‍රිය ළමා ගීත ඇතුලත් වූ අඹ යහළුවෝ ටෙලි නාට්‍යය අද වැඩිහිටියන් වී සිටින බොහෝ දෙනෙකුගේ සුන්දර ළමා මතකයකි.


09. දඩුබස්නාමානය

දඩුබස්නාමානය යනු ශ්‍රී ලංකාකීය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රියතම ටෙලි නාට්‍යයක් මෙන්ම සම්මානනීය නිර්මාණයක් වේ.එය මෙරට ටෙලි නාට්‍ය ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයකි.මෙයින් කතා කරනු ලබන්නේ මෙරට අභිමානවත් ඉතිහාසයක් සහිත සටන් කලාවක් වන අංගම්පොර සටන් කලාවයි.දඩුබස්නාමානය යන වචනයෙන් අදහස් වන්නේ හීයකට යා හැකි උපරිම දුර යන්නයි.අංගම්පොර සටන් කලාවත් එය පරපුරෙන් පරපුරට පවත්වා ගෙන යාමේ අභියෝග සම්බන්ධවද මෙහි මනාව දිගහැරේ.එවැනි අර්බුධ උග්‍රවී ගුරුන්වහන්සේ හා ආරච්ච්ල අතර ඇතිවන සටන මෙම නාට්‍යයේ උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැක.

 ජයන්ත චන්ද්‍රසිරි විසින් අධක්ෂණය කරන ලද මෙම අපූරු ටෙලි සිත්තමේ කමල් අද්දරාආරච්චි,ශ්‍රියන්ත මෙන්ඩිස්,බුද්ධදාස විතානාආරච්චි,දමිතා අබේරත්න ආදී ප්‍රවීණ නළු නිළියන් රගපෑමෙන් දායක වූහ.

මෙහිදි විශේෂයෙන් සදහන් කල යුතුව ඇත්තේ, කේමදාස මාස්ටර්ගේ අමතක නොවන සංගීත නිර්මාණයයි.කෝල්මුර හා යාදිනි කව් ආශ්‍රයෙන් නිර්මාණය කර තිබු මෙහි “රකිනා දිවි සිට වග වැලහින්නේ” තේමා ගීතය මෙරට ටෙලි නාට්‍ය සංගීතයේ සුවිශේෂි ස්ථානයකි.

මෙම සම්මානනීය ටෙලි සිතුවම ඔබ වරක් හෝ නැරඹිය යුතුම නිර්මාණයකි.


10. වෙදහාමිනේ

මෙරටට ඉහළ රසිකත්වයකින් යුත් ටෙලි නිර්මාණ රැසක් දායක කල ජයන්ත චන්ද්‍රසිරිගේ අපූරුතම වෙනස්ම නිර්මාණයකි වෙදහාමිනේ ටෙලි නාට්‍ය.

පිළිකා රෝගයෙන් පෙළෙන නාගරික පොහොසත් තරුණයෙකුගේ හා ගමක වෙසෙන තරුණියක් අතර ඇතිවෙන ප්‍රේම කතාව පාදක කර ගනිමින් මෙම නාට්‍ය නිර්මාණය කර තිබේ.ඔවුන් දෙදෙනාට මුහුණදීමට සිදුවන අභියෝග සහ ඔවුන් වටා ඇති පරිසරයද වෙනස් වන ආකාරය මෙහිදි කතා කරයි.

ජැක්සන් ඇන්තනි,ශ්‍රියන්ත මෙන්ඩිස්,චාන්දනි සෙනෙවිරත්න ආදි ප්‍රවීණ නළු නිළියන් මෙන්ම එවකට නවක නිළියක ලෙස කළ එළි බැසු රෙබෙකා නිර්මලි අද අප අතර නොමැති වුවත් ඇයගේ හොදම නිර්මාණය මෙය බවට සැකයක් නොමැත.

වෙදහාමිනේ නාට්‍යයද කේමදාස මාස්ටර්ගේ මියුරු සංගීතයෙන් රස ගැන්වි ඇත.අදටත් ජනප්‍රිය සුන්දර ගීත කිහිපයක් මෙහි  අඩංගු වේ.ඒ අතරින් මාලනි බුලත්සිංහල  ගායනා කරන සදකැන් දහරින් ගීතය විශේෂිත වේ.

ShareTweetShare

Related Posts

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය
TBC

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය

ලෝක ඉතිහාසයේ මෑත කාලීන මෙන්ම දීර්ඝ කාලීන ඉතිහාසය සූක්ෂමව පරීක්ෂා කිරිමේදී, වරින් වර විවිධ රටවල් නියෝජනය කරන විවිධ වයස් කණ්ඩායම්...

August 19, 2022
පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට
TBC

පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

මෙවර TBC කලාපය වෙන් වන්නේ මෙරට කාලාන්තරයක් තිස්සේ පැවත ආ, මේ වනවිට අභාවයට යමින් පවතින, මෙරට එක්තරා ආකාරයේ උප සංස්කෘතියක්...

June 24, 2022
Throwback Ceylon
TBC

ඔලිම්පික් ඉතිහාසයේ එදා මෙදා තුර ශ්‍රී ලංකා නාමය

ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේ තම ක්‍රීඩා දිවියේ ලබා ගැනීමට උත්සාහ කරන උච්චතම අවස්ථාව,සැබෑ කරගන්න බලාපොරොත්තු වන ලොකුම සිහිනය ඔලිම්පික් පදක්කමක් කිවහොත්...

May 23, 2022
Throwback Ceylon
TBC

90 ගණන්වල ටීවි එකේ හිට් වුනු පරණ ඇඩ්

වෙළද දැන්වීම්වලින් තොරවූ ලෝකයක් පිළිබදව ඔබට දැන් සිතන්නට පුළුවන්ද? කොහෙත්ම නොහැක.මේ කතා කරන මිනිත්තුවේ පවා අප කුමන හෝ නිෂ්පාදනයක සේවාවක...

May 23, 2022
Next Post
Throwback Ceylon

මතකද බලන්න මේ කැසට් කතාව

Throwback Ceylon

2020 වසරේ ශ්‍රී ලාංකික මතක

Recommended

පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

June 24, 2022
Throwback Ceylon

මතකද බලන්න මේ කැසට් කතාව

May 17, 2022
Throwback Ceylon

Chocolates of our childhood

May 17, 2022
Throwback Ceylon

අපේ ලොවයි – මඩොල් දූව

May 17, 2022

Instagram

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.

#tbc Established in 2018

No Result
View All Result
  • Home
  • About TBC

Throwback Ceylon