• Home
  • About TBC
Throw Back
  • Home
  • About TBC
Throw Back
Throw Back

2020 වසරේ ශ්‍රී ලාංකික මතක

May 23, 2022
in TBC
Throwback Ceylon

ගෙවීගිය 2020 වර්ෂය ශ්‍රී ලංකාවාසී අපට මෙන්ම ලෝකවාසී සැමටම නොසිතපු අභියෝගයන් රැසකට මුහුණ දෙන්න සිදුවූ වසරක් ලෙස කෙටියෙන් හදුන්වන්න පුළුවන්.2020 වසර උදාව බොහෝ දෙනා විශේෂයෙන් සමරනු ලැබුවා.නමුත් වසර ආරම්භ වූයේම, මින් පෙර ලෝකයා විසින් හදුනාගෙන නොතිබු මාරාන්තික චීනයෙන් හදුනාගත් කොරෝනා වෛරසයත් සමගින්.එය මුළු ලෝකය පුරාම මිනිසුන්ගේ ජීවිත උඩු යටිකුරු කෙරුනා.2020 වසර ශ්‍රී ලංකාවට බලපෑ ආකාරය පිළිබදව පසුවිපරමක් කිරීමේදි කොරෝනා වෛරසය නිසා මෙරට ජනතාවට මුහුණ දෙන්න සිදු වූ අද්දැකීම් වලින් එය බොහෝ සෙයින් සම්න්විත වෙනවා. 2020 වසරේ මෙරට සිදුවූ විශේෂිත වූ සිදුවීම් කිහිපයක් ආවරණය කිරීමටයි මේ සුදානම.

ජනවාරි /2020

සම්බුදු සසුනේ චිරස්ථිය වෙනුවෙන් විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා මහා ත්‍රිපිටක පුජාව 2020 ජනවාරි 04 වනදින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්විණ. විවිධ වූ වැරදි අර්ථකථන ලබාදීමෙන් බුදුදහමට සිදුවන හානිය වළක්වා ගැනීම උදෙසා ත්‍රිපිටකය හා අට්ඨ කතා ඩිජිටල් මාධ්‍යයෙන් පන් දහසක් වූ භික්ෂුන් වහන්සේලා වෙත පුජා කිරීමේ මහා පිංකමද මෙදින සිදුවිය.

2019 වසරේ චීනයේ වූහාන් නගරයෙන් හමුවූ, මින් පෙර රෝග ඇති කරන වෛරසයක් ලෙස හදුනා ගෙන නොතිබූ කෝරෝනා වෛරසය 2020 ජනවාරි මස ආරම්භයේත් ලෝකයේ බොහොමයක් රටවලට මාරාන්තික අවධනාමකට ලක් කර තිබෙන නිසා, මෙරට අධ්‍යාපන අමාත්‍යංශය විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය හා එක්ව මෙරට පාසැල් දරුවන් කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් වළක්වා ගැනීම සදහා පිළිපැදිය යුතු යුතුකම් මාලාවක් පිළිබදව සියළු පළාත්, කලාප, කොට්ඨාස බළධාරින්ට හා ජාතික පාසැල් විදුහල්පතිවරුන් දැනුවත් ජනවාරි මස ආරම්භයේදී සිදු විය.

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට කොරෝනා ආසාධිතයෙන් ජනවාරි 25වන දින හමුවන ලදි .චීන ජාතික කාන්තාවක් වන ඇය 42 හැවිරිදි වේ.

පෙබරවාරි /2020

72 වන ජාතික නිදහස් දිනය, 2020 වසර පෙබරවාරි 04 වන දින මහත් අභිමානයෙන් යුතුව ශ්‍රි ලංකාවාසීන් විසින් සමරන ලදි. ප්‍රධාන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරස්‍රයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානාත්වයෙන් පැවැත්විණ.සයිබර් ප්‍රහාර එල්ල කිරිම සදහා හැකර්වරු Covid-19 වෛරසය සම්බන්ධ තොරතුරු ප්‍රයෝජනයට ගනිමින් සිටිනා බවට ශ්‍රී ලංකා අන්තර්ජාල පරිශීලකයන්ට අවධානයෙන් පසුවන් ලෙසට ශ්‍රී ලංකා  තොරතුරු තාක්ෂණ සංගමය දැනුවත් කරන ලදි.කෝරෝනා  වෛරසය පිළිබද තොරතුරු දැනගැනීම වෙනුවෙන් අන්තර්ජාලය වැඩි වශයෙන් භාවිතා කිරිම මෙයට හේතුවයි.

මාර්තු /2020

බිත්ති සිතුවම් කලාවට නව අරුතක් දෙමින් ශ්‍රී ලංකාවට ආවේණික ශාඛ හා සතුන් පිළිබදව එළිමහන් කලාගාරයක් 2020 වසරේ මාර්තු මස නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල පිටුපස හා සමුද්‍රදේවි විදුහල ඉදිරිපිට විවෘත කෙරිණ.ජනාධ්පති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සැමරීම සදහා රටපුරා නගර අලංකරණයට බාල ,තරුණ,මහළු පිරිස් බිත්ති සිතුවම් කිරිමේ උද්යෝහය නිසාවෙන් මෙම සංකල්පය බිහිවිය.

නව කොරෝනා වෛරසය ආසාධනය වූ පළමු ශ්‍රී ලාංකිකයා මාර්තු 11 වන දින මෙරටින් හමුවන ලදි.52 හැවිරිදි එම පුද්ගලයා ඉතාලි සංචාරක මග පෙන්වන්නෙක් ලෙස සේවය කල අයෙක්.

කොරෝනා වෛරසයේ අවධානම මෙරටට ඇතිවීමත් සමග පාසැල් සිසුන් සදහා ලබාදෙන අප්‍රේල් නිවාඩුව, මාර්තු මස 13 වන දින සිට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරන ලදි.

රටතුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළක්වීම සදහා ජනතාව ඒකරාශීවීම වැළැක්වීම හා ජනතාවගේ සංචරණය කිරිම් අවම කිරීමට පියවර ගන්නැ‍යි රජය ජනතාවගෙන් මාර්තු මස14 වන දින සිට ඉල්ලා සිටින ලදි.

රජය විසින් මාර්තු 17 සිට මාර්තු 19 දක්වා මුළු දිවයිනටම විශේෂ නිවාඩු දින 03ක් ප්‍රකාශයට පත් කළ අතර මෙම කාලය තුළ ජනතාව තම නිවෙස් තුළම කාලය ගත කරන්නැයි විශේෂ  මාධ්‍ය හමුවක්  සංවිධානය කරමින් කියා සිටින ලදි. මෙම තීරණය රජය විසින් ගනු ලැබුවේ,කොරෝනා වෛරසය පැතිරීමේ අවධානම අවම කිරීම සදහායි.එහිදී සියළු විනෝද ගමන් බිමන් තහනම් කරන ලද අතර එය දිවයින පුරා පිහිටි  499 ක් වූ පොලිස් ස්ථාන මගින් පොලිස් මාර්ග බාධක යොදා නීරීක්ෂණය කරන බව නියෝජ්‍ය පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා විසින් පවසන ලදි.මෙය කඩ කරන අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පවසන ලදි.

2020 මාර්තු 18 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් මඟීන් නැවැත්වීමට රජය තීරණය කරනු ලැබිණ.

2020 මාර්තු 20 වන දින මුළු දිවයිනටම බලපාන පරිදි රජය විසින් පොලිස් ඇදිරි නීතිය/ නිරෝධායන ඇදිරි නීතිය කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඩලීමට පළමු වරට ක්‍රියාත්මක කරන ලදි.

රටපුරා ඇදිරිනීතිය පනවා ඇති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවල නියුක්තවූවන්ට නිවසේ සිට රැකියාවල නිරත් වීමටත්., පාසැල් සිසුන්ට අන්තර්ජාලය හරහා  අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙසත් රජය විසින් ජනතාවට දැනුම් දෙන ලදි. තවද එම කාලය තුළ ඇතිවූ තත්ත්වය නිසා,පාසැල් දරුවන්ට අතපසුවන අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමට ඒ සදහාම වෙන්වූ රෑපවාහිනී නාලිකාවක අවශ්‍යතාවය පිළිබදව අප්‍රේල් මස ආරම්භයේදී රජයේ අවධානය යොමුවිණි.

රටපුරා ඇදිරි නීතිය පනවා තිබෙන නිසා නිවෙස්වල පුද්ගලයින්ට අත්‍යවශ්‍යය  භාණ්ඩ සහා ඖෂධ අන්තර්ජාලය හරහා ඇණවුම් කිරීමට බෙදාහැරීමට රජය විසින් ක්‍රමවේද සකස් කල ඒ අනුව කටයුතු කිරිමට සලස්වන ලදි.

කොරෝනා වසංගතය  ව්‍යාප්ත වීම පාලනය කිරීමට හා ඒ ආශ්‍රිත සමාජ සුභසාධන ක්‍රියාකාරකම් සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් “ඉටුකම” නමින්  Covid-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලක් මාර්තු 23 වනදා පිහිටුවන ලදි.ඒ සදහා ප්‍රථම වරට ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100ක්  පරිත්‍යාග කරන ලදි.

COVID-19 ආසාධනය වූ පළමු රෝගියා සම්පූර්ණ සුවය ලබා ප්‍රතිකාර ලැබිමෙන් අනතුරුව මාර්තු 23වන දින කොළඹ IDH රෝහලෙන් පිටව යන ලදි.

නිරෝධායන මධ්‍යස්ථානයක් තුල දින 14ක නිරෝධායන කාල සීමාව සාර්ථකව සම්පූර්ණ කර පළමු කණ්ඩායම සෞඛ්‍ය  උපදෙස් මත මාර්තු 24වනදා මුදා හැරිණි.ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රථම කොරෝනා ආසාධිත මරණය 2020 මාර්තු 28 වන දින කොළඹ IDH රෝහලෙන් වාර්තා විය.එලෙස මියගියේ මාරවිල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙකි.සෞඛ්‍ය  ආරක්ෂණ ක්‍රම වේදවලට අනුකූලව එම මෘත ශරීරය සෞඛ්‍ය අංශ විසින් ආදාහනය කරන ලදි.

අප්‍රේල්/2020

2020 වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සෞඛ්‍ය හා ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් රට වැසියන් විසින් නිවෙස් වලම සමරන ලදි. ප්‍රථම වරට කිසිදු අලුත් අවුරුදු උළෙලක් මෙම වසරේ  පැවැත්වූයේ නැත.

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි හිරවී සිටින ශ්‍රී ලංකියන් මෙරටට ගෙන්වා ගැනිමේ පළමු පියවර වශයෙන් ඉන්දියාවේ හා පකිස්ථානයේ ශිෂයයන් 100ක්  අප්‍රේල් 21වන දින ගෙන්වා  ගන්නා ලදි.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලතම මහජන සහානාධාර බෙදා හැරිමේ මෙහෙයුම වූයේ, කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයන් සදහා ග්‍රාමීය මට්ටමෙන් ග්‍රාමසේවක හරහා රු,5,000/- ක මුදලක් නිවසටම බෙදා හැරීමයි.රජය මෙම කටයුත්ත අප්‍රේල් හා මැයි යන මාස දෙකෙහිම සිදු කරන ලදි.

මැයි/2020

මෙරට මෙන්ම විදෙස් රටවල්වලද 2020 මැයි දිනය වෙනුවෙන් මැයි දින පෙළපාලි කිසිවක් පැවැත්වූයේ නැත.එයට හේතුව කොරෝනා ගෝලීය වසංගතයයි.

කොරෝනා වෛරසයෙන් කුඩා දරුවන් ආරක්ෂා කර ගැනීම සදහා රජය විසින් පෙරපාසැල් හා දිවා සුරුකුම් මධ්‍යස්ථානවලට උපදෙස් මාලාවක් මැයි මස ආරම්භයේදී නිකුත් කෙරිණි.

එසේම මැයි මස ආරම්භයේ කොරෝනා වසංගත අවධානම නිසාවෙන් රටතුළ සියළුම පාසැල් හා විශ්ව විද්‍යාල තවදුරටත් නැවත දැනුම් දෙනතුරු වසා තබන ලදි.අධ්‍යාපන අමාත්‍යංශය විසින් online ක්‍රමයට ඩිජිටල් තාක්ෂණය යටතේ ඉගැන්වීම් ක්‍රියාවලිය කරගෙන යන ලෙසට අධ්‍යාපන බළධාරීන්ට, ගුරුවරුන්ට හා දරුවන්ට දැනුම් දෙන ලදි.

2020 වර්ෂයේ වෙසක් පුර පසළොස්වක දිනය වෙනුවෙන්ද බැතිමතුන්ට නිවෙස්වලම සිල් සමාදන් වී ආගමික කටයුතුවල නියැලෙන්නට සිදුවූයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්විමට වෙහෙර විහාරස්ථාන වසා තිබිම නිසයි.

2020 මැයි 22 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරන ලදී. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක,ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මැයි 27වන දින අභාවප්‍රාප්ත වන ලදි.

ජුනි/2020

ජුනී මස 12 වනදා සිට මෙතෙක් වසා දමා තිබූ ජාතික වනෝද්‍යාන ජනතාවට විවෘත කරන ලදි.

කොවිඩ් වසංගතය නිසා තෑපෑලෙන් බෙදා හරින ලද ඖෂධ සේවාව ජුනි මස 15වන දින සිට නවත්වන ලදි.

ජුනි මස 28 වන ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි මුළු දිවයිනේම ඇදිරිනීතිය සම්පූර්ණයෙන් ඉවත් කරන ලදි.කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරිම සදහා ප්‍රථම වරට මාර්තු 20වනදා දිවයින පුරා බලපැවැත්වූ නීතිය පසුගිය ජුනි මස 13වනදා ක්‍රියාත්මක වූයේ මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණි.මෙලෙස මෙරට ඉතිහාසයේ දීර්ඝතම කාලයක් ක්‍රියාත්මක වු ඇදිරිනීතිය එලෙස අවසන් විය.

මෙරට දරුවන්ගේ ළමා ලෝකය හැඩ කළ ආදරණීය සිබිල් නැන්දා ලෙසින් ප්‍රකට, ප්‍රවීණ ළමා ලේඛිකා හා ප්‍රවීණ චිත්‍ර ශිල්පිණි සිබිල් වෙත්තසිංහ  මහත්මිය වයස අවුරුදු 93ක් ආයු වළදා , ජුනි මස 30 වනදා රාත්‍රියේ හදිසි රෝගාතුරවීමකින් දැයෙන් නික්ම යන ලදි.

මාර්තු මාසයේ සිට ඇදිරිනීතිය තත්ත්වය හේතුවෙන් නිවෙස් වලට විදුලිබිල ලැබීමට සැලැස්විය නොහැකි නිසා මාස තුනක විදුලිබිලක් එකවර සෑම නිවසකටම ජුනී මාසයේ ලැබුණු අතර එයද මෙරට ඉතිහාසය තුළ ප්‍රථම වරට වූ සිද්ධියක් ලෙස අපට පෙන්වා දිය හැකියි.

ජූලි/2020

සියළුම විශ්ව විද්‍යාලවල දෙවන හා තෙවන වසර සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ජුලි මස 06 වන දින සිට සෞඛ්‍ය  උපදෙස් මාලාවක් මත ආරම්භ කෙරුණු අතර පළමු වසර අධ්‍යාපන කටයුතු ආරම්භය සම්බන්ධව තීරණයක් ඒ වනවිටත් නොතිබුණි.ජුලි මස 13 සිට 17 වන දින දක්වා නැවතත් සියළුම පාසැල් හා පිරිවෙන් වසා තැබීමට රජය විසින් තීරණය කරන ලදි,ඒ කොරෝනා වසංගතය පැතිරීමේ අයහපත් අවධානම නිසාවෙනි.නමුත් එළඹෙන මහ මැතිරණය සදහා තැපැල් ජන්ද මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන පාසැල් අදාළ දිනවල විවෘත කර තැපැල් ජන්ද ප්‍රකාශ කීරීමේ කටයුතු සිදුකරන ලදි. එම පාසැල් නිවාඩුව නැවත ජුලි මස 27වන දින දක්වා දීර්ඝ කෙරිණි.

අගෝස්තු/2020

මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 03වන දා නිකිණි පොහෝදා වීඨී සංචාරය කරන ලදි.මෙවර මහනුවර ඇසළ පෙරහැරේ විශේෂත්වය වන්නේ රටපුරා ඇතිව ඇති කොවිඩ් අවධානම නිසා ජනතාවට නැරඹීම සදහා සහභාගී විමට නොහැකි බවයි.පෙරහැර විද්යුත් මාධ්‍ය ඔස්සේ ජනතාවට නැරඹීමට කටයුතු සලස්වා තිබුණි.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරිම අගෝස්තු 05වනදා උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා දිවයින පුරා ජන්ද  මධ්‍යස්ථාන 12,985කදී සිදු කරන ලදි.

එම මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබාගන්නා ලදි.හිමිකරගත් සමස්ථ ආසණ ගණන 145කි.

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව ධූරයේ දිවුරුම් දීම කැළණිය රජ මහා විහාරයේදී ජනාධිපතිතුමන් ඉදිරියේ අගෝස්තු 09වනදා සිදුවිය.

අගෝස්තු 12වන දින නව රජයේ අමාත්‍ය මණ්ඩලය මහනුවර මගුල් මඩුවේදී ජනාධිපතිතුමන් ඉදිරියේ දිවුරුම් දෙන ලදි.

සමස්ත දිවයිනේම විදුලිය විසන්ධි වීමක් අගෝස්තු 17වනදා එකවර සිදුවූ අතර එය කිසිදු බලාගාරයක උපකරණ දෝෂයක් මත නොව පුද්ගලයකුගේ අත් වැරැද්දකින් වු දෙයක් බව ඒ පිළිබද විමර්ශනයට පත් කල කමිටුව පවසන ලදි.9 වැනි පාර්ලිමේන්තුවේ අභිනව කතානායජ ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අගෝස්තු 20වනදා පත් වන ලදි.

සැප්තැම්බර් /2020

පැනමා ධජය සහිත New Dimond තෙල් නෞකාවේ සැප්තැම්බර් 04 වන දින මෙරට ගොඩබිමට සැතපුම් 20ක පමණ දුරින් මුහුදේ ගින්නක් හටගත් අතර මෙරට ආරක්ෂක අංශ, වරාය අධිකාරිය හා ඉන්දීය නාව්ක හමුදාව විසින් කළ ඒකාබද්ධ මෙහෙයුමෙන් අනතුරුව ගින්න පාලනය කිරීමට හැකිවිය.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 22 වන වරටත් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සැප්තැම්බර් 17 වනදා සිට 28වනදා දක්වා සෞඛ්‍ය නිතීරිතී හා උපදෙස්වලට අනූකූලව පවත්වන ලදි.

ප්‍රවීණ රංගධරයකු වූ ටෙනිසන් කුරේ මහතා සැප්තැම්බර් 28 වන දින අභාවප්‍රාප්ත වන ලදි.

යෝජිත විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ අමාත්‍ය අලි සබ්‍රිරි මහතා විසින්  සැප්තැම්බර් 23වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර එය ඉදිරිපත් කරන අවස්ථාවේම විපක්ෂය විසින් විරුද්ධ වන ලදි.

ලොතැරැයි ඉතිහාසය  අලුත් කරමින් ජාතික ලොතැරැයි මණ්ඩලය විසින් සැප්තැම්බර් 23 වන දින රු.20ක මිලට වූ, මෙගා පවර් ලොතැරැයිය සදහා කෝටි 23ක ජය මුදලක් මහනුවර ප්‍රදේශයේ ජයග්‍රාකයකු සදහා ලබා දුන්නේය.

කොරෝනා ව්‍යාප්තිය නිසා වසා තැබුනු සියළු පාසැල්වල අධ්‍යාපන කටයුතු දීර්ඝ නිවාඩුවෙන් පසුව  5 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා අගොස්තු 10 වන දිනෙන් නැවත ආරම්භ කරන ලදි.

ඔක්තොම්බර් /2020

දිවයින පුරා පසුගිය වසර පුරාවට දැඩි කහ හිගයක් ඇතිවූ අතර මේ හේතුවෙන් කහ මිල දැඩිව ඉහළ යන ලදි.ඒ හේතුවෙන් රජයට කහ සදහා පාලන මිලක් නියම කිරීමද සිදුවිය.මේ අතර නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන ආ කහ කිලෝ 902ක් නාවික හමුදා භාරයට ඔක්තොම්බර් 4වනදා ගැණුනි.

මාස දෙකකට ආසන්න කාලයක නිහඩතාවයකට පසුව ඔක්තොම්බර් 04 වන දින ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු කාන්තාවකට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හදුනා ගන්නා ලදි.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ MAS සමූහයට අයත් “MAS Intimates (PVT) Ltd” ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් (MOU), දේශීය මැටි නිෂ්පාදන අගය කිරීම සදහා ගුරුලේත්තු 3000කට ඔක්තොම්බර් 05 දින අමාත්‍යංශයේදී අත්සන් කරන ලදී.

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාධිත කාන්තාවක් නැවත හමුවීමත් සමග කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරිමට රජය ගෙනයන වැඩපිළිවෙලට සහය ලබාගැනීමට රටපුරා සියළුම පොලිස් නිළධාරීන්ගේ නිවාඩු ඔක්තොම්බර් 05වනදා සිට අවලංගු කෙරුණි.

රට තුළ පවතින තත්ත්වය පදනම් කරගෙන දිවයින පුරා පිහිටි පාසැල් සදහා දෙවන වාරයේ නිවාඩුව ඔක්තොම්බර් 05 වන දින සිට ලබාදෙන ලදි.

ගම්පහ බල ප්‍රදේශයට බල පැවැත්වෙන පරිදි ඔක්තොම්බර් 06 සවස 6.00 සිට නැවත දැනුම් දෙනතුරු ඇදිරිනීතිය පනවන ලදි. මීට හේතු වුයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ කොරෝනා  වෛරසය පැතිරීමත් සමගයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවක සේවිකාවන්ට හා ඔවුන්ගේ පවුල්වලට නීරෝධායන නියෝගයක් රජය විසින් ඔක්තොම්බර් 07 ප්‍රකාශයට පත් කෙරේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 71වන සංවත්සරය ඔක්තොම්බර් 10 වනදා සමරන ලදි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සියළු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද යටතේ ඔක්තොම්බර් 11 වන දින පවත්වන ලදි.අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම යටතේ ඔක්තොම්බර් 12 වනදා ආරම්භ වූ අතර එය නොවැම්බර් 06වනදා දක්වා පැවැත්විණි. නීරෝධායන ඇදිරි නිතීය පනවා ඇති ප්‍රදේශවල දරුවන්ට මෙම විභාගයන් සදහා පෙනී සිටීම විශේෂ විභාග මධ්‍යස්ථාන තුල සිදුවිය. එහිදි ඇදිරිනීති බලපත්‍රයක් ලෙස තම විභාග ප්‍රවේශ පත්‍රය භාවිතා කිරිමට අවසර ලබාදී තිබුණි.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔක්තොම්බර් 22 වන දින  සංශෝධන සහිතව තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් පාර්ලිමේන්තුවේදි සම්මත වන ලදි.

නොවැම්බර්/2020

ආගමන විගමන දෙපාර්තුමේන්තුව නැවත දැනුම් දෙනතුරු නොවැම්බර් 02වනදා වසා දමන ලදි.

නිරෝධායන ඇදිරිනීතිය නොවැම්බර් 09 වන දින උදැසන 5.00න් ඉවත් කල අතර, ඒ වනවිටත් අවධානම පහව ගොස් නොමැති ප්‍රදේශ්වලට ඇදිරිනීතිය එලෙසටම ක්‍රියාත්මක කරන ලදි.

දීර්ඝ කාලයක් නවතා තිබුණු දුම් රිය සේවාව සහ තැපැල් සේවාව නොවැම්බර් 10 වන දින යළි ආරම්භ කරන ලදි.

තුන්වන පාසැල් වාරය නොවැම්බර් 23 වන දිනෙන් බස්නාහිර පළාතේ සහ හුදකලා කර තිබෙන ප්‍රදේශවල පාසැල් හැර දිවයින පුරා පිහිටි පාසැල්වල ආරම්භ කරන ලදි.නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ රාජකාරි කටයුතු නොවැම්බර් 24 සිට යළි අරඹන ලදි.

දෙසැම්බර්/2020

නිරිතදිග බෙංගාල බොක්කේ ඇතිවූ “බුරව්” සුළි කුණාටුව දෙසැම්බර් 03වනදා දිවයිනේ ත්‍රිකුණාමලය,පේදුරුතුඩුව අතරින් මුලතිව් වලින් ගොඩබිමට පැමිණෙන ලදි.

2021 වසරට අදාලව අය වැය ජන්ද විමසීම දෙසැම්බර් 10 වන දින වැඩි ජන්ද හිමි කරගැනීමෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

“ Made in Sri Lanka “නමින් මෙරට දේශීය නව නිෂ්පාදන සදහා නව වෙළදපොළක් ලබාදීමේ ක්‍රියාවලිය රජය විසින් දෙසැම්බර් 15 දින ආරම්භ කරන ලදි.

දෙසැම්බර් 21 වන දින බටහිර අහසේ බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහලෝක දිගටි රවුම් බෝලයක් ලෙස දිස්වෙනු දැක ගැනීමට හැකි විය.

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඉතා චාම් ලෙස අධ්‍යාත්මිකව සිතමින් උදාවූ අසිරිමත් නත්තල සමරන්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් තම නත්තල් දින පණිවිඩයෙන් කතෝලික ජනතාවෙන් ඉල්ලා සිටින ලදි.2020 දෙසැම්බර් 31 වන විට මෙරට කොවිඩ් මරණවල මුළු සංබ්‍යාව 199 ක් දක්වා ඉහළ යන ලදි.

ShareTweetShare

Related Posts

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය
TBC

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය

ලෝක ඉතිහාසයේ මෑත කාලීන මෙන්ම දීර්ඝ කාලීන ඉතිහාසය සූක්ෂමව පරීක්ෂා කිරිමේදී, වරින් වර විවිධ රටවල් නියෝජනය කරන විවිධ වයස් කණ්ඩායම්...

August 19, 2022
පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට
TBC

පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

මෙවර TBC කලාපය වෙන් වන්නේ මෙරට කාලාන්තරයක් තිස්සේ පැවත ආ, මේ වනවිට අභාවයට යමින් පවතින, මෙරට එක්තරා ආකාරයේ උප සංස්කෘතියක්...

June 24, 2022
Throwback Ceylon
TBC

ඔලිම්පික් ඉතිහාසයේ එදා මෙදා තුර ශ්‍රී ලංකා නාමය

ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේ තම ක්‍රීඩා දිවියේ ලබා ගැනීමට උත්සාහ කරන උච්චතම අවස්ථාව,සැබෑ කරගන්න බලාපොරොත්තු වන ලොකුම සිහිනය ඔලිම්පික් පදක්කමක් කිවහොත්...

May 23, 2022
Throwback Ceylon
TBC

90 ගණන්වල ටීවි එකේ හිට් වුනු පරණ ඇඩ්

වෙළද දැන්වීම්වලින් තොරවූ ලෝකයක් පිළිබදව ඔබට දැන් සිතන්නට පුළුවන්ද? කොහෙත්ම නොහැක.මේ කතා කරන මිනිත්තුවේ පවා අප කුමන හෝ නිෂ්පාදනයක සේවාවක...

May 23, 2022
Next Post
Throwback Ceylon

බයිලා කියවන් නැතුව බයිලා ගැන කියවන්න

Throwback Ceylon

ලොව ජයගත් දිරිය ලක් කතුන්

Recommended

Throwback Ceylon

ඔලිම්පික් ඉතිහාසයේ එදා මෙදා තුර ශ්‍රී ලංකා නාමය

May 23, 2022
Throwback Ceylon

බයිලා කියවන් නැතුව බයිලා ගැන කියවන්න

May 23, 2022
Throwback Ceylon

D. S. Senanayaka

May 17, 2022
පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

June 24, 2022

Instagram

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.

#tbc Established in 2018

No Result
View All Result
  • Home
  • About TBC

Throwback Ceylon