• Home
  • About TBC
Throw Back
  • Home
  • About TBC
Throw Back
Throw Back

ජනප්‍රිය භාරත ගී ඇසුරෙන් නිර්මාණය වූ මෙරට චිත්‍රපට ගීත

May 17, 2022
in TBC
Throwback Ceylon

සිංහල සංගීතයේත්,චිත්‍රපටියේත් ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ 70 දශකයේ සිට 90 දශකය දක්වා කාලයයි.එයට හේතු වූ කාරණා කිහිපයක් සරලව අපට මෙලෙස හදුන්වා දිය හැකියි.එම කාලය තුල මෙරට රෑපවාහිනිය, අන්තර්ජාලය,මොබයිල් දුරකථන කිසිවක් නොමැති වීම ඉන් ප්‍රධාන වුනා.දැන් ඕනෑම අයෙකුට තම විනෝදාස්වාදයට ඕනෑම රටක,ඕනෑම භාෂාවක තමන්ට රිසි පරිදි ගීත අසන්නට චිත්‍රපටි නරඹන්නට අන්තර්ජාලය ඔස්සේ හැකිය.ඒ දවස්වල මිනිසුන්ට තම සතුට වෙනුවෙන් චිත්‍රපටි ශාලාවකටම ගොස් චිත්‍රපටියක් නැරඹීමටත්, සමහරවිට එකම චිත්‍රපටිය දෙතුන් වතාව නැරඹීමත් සිදු කල බවට අපට අසන්නට තියෙනවා..එම නිසාම ඒවායේ ගීත අතිශයින්ම ජනප්‍රිය වුනි.එකල බොහොයක් සිංහල ගීත නිර්මාණය වූයේ චිත්‍රපටි සදහාමයි.ස්වනත්ත්‍ර ගීත නිර්මාණය වූයේ බොහොම පොඩි ප්‍රමාණයක්. චිත්‍රපටි නරඹන්නට දිගු පෝලිම් එකල දැකගත හැකිවුනා.මිනිසුන්ට ගුවන් විදුලියට අමතරව විනෝදාස්වාදය සදහා තිබූ එකම අවස්ථාව සිනමාව වුනා.එමෙන්ම ජනතාව ආදරය කළ අතිශයින් ජනප්‍රිය නළු නිළියන් රගපෑමත් සිනමාව ජනප්‍රිය වෙන්න තදින්ම බලපෑවා.කතාව දුර්වල මට්ටමක තිබුණත් චිත්‍රපටිය ඉතා සාර්ථකව මිනිසුන් අතරට ගිය අවස්ථාත් අපිට මේ අතර දකින්න පුළුවන්.ඒ සදහා බලපෑ ප්‍රධානම කාරණය වූයේ ඒවායේ අන්තර්ගත වූ ඉතා මනරම් ගීතයි.

මෙම මධුර මනෝහාර ගීත මිනිසුන්ගේ හදවත්වලට සමීව වෙන්න සුවිශේෂි කරුණක ලෙස ඉවහල් වූයේ ඒ දවස්වල තිරගත වූ හින්දි චිත්‍රපටි ගීතවල ඇතුළත් වු සුමධුර ගීත තනු යොදා අපේ ගීත සැකසීමයි. සිංහල සිනමාව ජනප්‍රිය වන්නටත් පෙර මෙහි ජනප්‍රිය වූ හින්දි සිනමාවේ මන්ස්කාන්ත ගී තනු යොදාගෙන සැකසුණු  සිංහල  ගීත අතිශයින්ම ජනප්‍රිය වුනා.

අද අපේ කතාබහට එකතු කරගන්නේ මෙලෙස හින්දි තනු කොපි කර සැකසු මෙරට අතිශය ජනප්‍රියවූ සිංහල චිත්‍රපටි ගීත පිළිබදවයි.

ඇත්තෙන්ම ඔබව පුදුම කරවීමට සමත් විශාල ගීත ප්‍රමාණයක් , එයිනුත් අදටත් අපේ පරම්පරාව අතරත් ජනප්‍රිය චිත්‍රපටි ගීත සැකසී ඇත්තේ හින්දි ගී තනු අනුකරණය කිරීමෙන්.ජනප්‍රිය හින්දී ගීතයක තනුවට ගැළපෙන ලෙස සිංහල පදමාලාව සකසා නව සිංහල ගීයක් නිර්මාණය මෙහිදී සිදුවී ඇත.හින්දි තනු වලට ගැළපෙන්න සිංහල පද රචනය කරන්න මනා සමත්කමක් දැක්වූවෙක් ලෙස කරුණාරත්න අබේසේකරයන් හදුන්වන්න පුළුවන්.

මෙම ජනප්‍රිය හින්දි ගී තනුවලට සැකසුනු සිංහල චිත්‍රපටි ගීත බොහොමයක් ගායනා කර තිබෙන්නේ එච්.ආර්.ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක, මිල්ටන් පෙරේරා වැනි ජනකාන්ත ගායක ගායිකාවන්.

ඔබ පුදුම කරවීමට සමත් දහස් ගණනක් වූ අපේ පැරණි  සිංහල චිත්‍රපටි ගීත හින්දි තනු යොදා සකසා තිබෙන බව සමහර විට ඔබ නොදන්නවාත් විය හැකියි.සිංහල ගීය ඔබට අදටත් රසවිදින එකක් වුවත් සමහර ව්ට ඔබ එහි හින්දි ගි තනුව අසා නොමැති වෙන්න පුළුවන්.

අපි අද එලෙස ඉතා ජනප්‍රිය වූ හින්දි ගී තනු කිහිපයක් සමග සිංහල ගීතය ඔබට මතක් කරන්නට කැමතියි.

එම යුගයේදී ලංකාවේ ආර් මුත්තුසාමි, පී.එල්.ඒ. සෝමපාල, ආර්.ඒ. චන්ද්‍රසේන, එස්. දක්ෂිණමූර්ති, බී.එස්. පෙරේරා, ටී.එෆ්. ලතීෆ්, මොහොමඩ් සාලි, එම්.කේ. රොක්සාමි වැනි සංගීතඥයින් විසින් මුල් හින්දි ගීයේ තනුව ලබාගෙන දේශීය වාදන ශිල්පීන් ලවා නැවත සංගීතය නිර්මාණය කර අපේ සිංහල ගීත වලට එකතුකර තිබෙන බව පැහැදිලි වේ. මෙම ගීතවල බොහොමයක් හින්දි ගී තනු නිර්මාණය කර තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රකට සංගීතඥයින් වන ශන්කර් ජායිකිෂන්, ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්, ආර්.ඩී. බර්මන්, එස්.ඩී. බර්මන්, ඕ.පී.නයියාර්,නෞෂාඩ් අලි,කල්යාන්ජි ආනන්ජි වැන්නවුන් විසිනි.

එම මුල් හින්දි ගීත සමග සිංහල ගීතය ප්‍රචාරය කරන වැඩසටහන් රැපවාහිනිය හෝ ගුවන් විදුලියේ අද දකින්න අසන්න ලැබෙන්නේ හරිම අවුවෙන් . එක්තරා කාලයක රන්ජිත් එදිරිසිංහ  මහතා විසින් භාරත ගී වින්දන වැනි වැඩසටහන් තුළින් මෙම මතක ආවර්ජනය කළා.නමුත් දැන් ඔබට බොහොමයක් මෙම පැරණි ගීත යූටියුබය හරහා රසවිදිය හැකියි.

සිය ගණනක් වූ ගීත් අතුරින් කිහිපයක් එහි මුල් හින්දි තනුව අන්තර්ගත් වූ චිත්‍රපටිය, ගායක ගායිකාවන්, සිංහල හා හින්දි සංගීත අධ්‍යක්ෂවරුන් දෙදෙනා ආදි විස්තර කෙටි විස්තරයක් හා Youtube link පහළින් ඇත.මෙම Youtube link උපුටා ගැනීමක් හා එහි අයිතිය එම අයිතිකරුවන් සතු බව සලකන්න.

වසර 1975 දමයන්ති  චිත්‍රපටිය සදහා මෙම ගීතය මොහිදින් බෙග් මහතා විසින් ගායනා කර තිබේ. මෙහි මුල් හින්දි ගීතය ඇතුලත් වන්නේ කොර කාගාස් නම් වූ වසර 1974 තිරගත වූ හින්දි චිත්‍රපටියේ වන අතර ගීතය නම් කිෂොර් කුමාර් විසින් ගායනා කරන මෙරේ ජීවන් කොර කාගස් ගීතයයි.මෙහි හින්දි සංගීත අධ්‍යක්ෂණය කල්යාන්ජි ආනන්ජි විසිනි.


හෙළ සිනමාවේ සක්විති රජු ලෙසින් හැදින්වෙන ගාමිණි ෆොන්සේකා මහතා හා නිළි රැජින මාළිනි ෆොන්සේකා මහත්මිය රගපෑමෙන් දායකවූ වසර 1973 නිෂ්පාදනය වූ හොදට හොදයි චිත්‍රපටිය වෙනුවෙන් එච්.ආර්.ජෝතිපාල හා ඇන්ජලින් ගුණතිලක නම්වූ ජනකාන්ත ගායක ගායිකා දෙපළ ගායනා කල මෙම ගීතය එකල ජනප්‍රිය ගීතයක්.

මෙහි මුල් තනුව වසර 1971 තිරගතවූ අන්දාස් චිත්‍රපටියේ ශන්කර් ජායිකිෂන් සංගීත අධක්‍ෂණය කරමින් මොහොමඩ් රාෆි විසින් ගායනා කල ගීතයක්.එය නම් රේ මාමා රේ මාමා රේ ගීතයයි.මෙම චිත්‍රපටියේ ෂම්මි කපූර් රංගනයෙන් දායක වී තිබේ.

හින්දි ගීතය        :   https://youtu.be/NJbdGlSS7eg


මෙම ගීතය වසර 1973 තිරගත වූ ගොපළු හදවත නම්වූ චිත්‍රපටියේ ඇතුලත් වුනා.මෙහි සංගීත අධක්‍ෂණය ආර්.රොක්සාමි මහතා විසින් වන අතර හරුන් ලන්ත්‍රා මහතා මෙය ගායනා කර තිබේ.ටෝනි රණසිංහ මහතා මෙහි රංගනයෙන් දායක වි තිබේ.

අදටත් ජනප්‍රිය මෙම රසවත් ගීතයේ තනුව මුල්වරට අඩංගුව ඇත්තෙ වසර 1965 තිරගත වූ ආකාශ් දීප් චිත්‍රපටියෙ වේ.එම ගීතය නම් මුජේ දාදෙ දිල් කප තානනා ගීතයයි.එහි සංගීත අධක්‍ෂණය චිත්‍රගුප්ත සිදු කර ඇති අතර ගායනය මොහොමඩ් රාෆි විසිනි.මෙහි රංගනයෙන් ජනප්‍රිය නළු ධර්මේන්ද්‍ර හා නන්දා දායක වී තිබේ.


වර්ෂ 1972 තිරගත වූ මේ දෑස කුමටද චිත්‍රපටියේ මෙම ගීතය ඇතුළත් විය.ජනප්‍රිය ගායක එච්.ආර්.ජෝතිපාල මහතා හා ජනප්‍රිය ගායිකා සුජාතා අත්තනායක් විසින් මෙය ගායනා කරනු ලැබුවා.මෙහි සංගීත අධක්‍ෂණය ටී.එෆ්.ලතීෆ් විසිනි.

අදටත් ජනප්‍රිය විරහ ගීයක් වන මෙහි මුල් ගී තනුව ඇතුලත් වී ඇත්තේ ඉතාමත් ජනප්‍රිය හින්දි චිත්‍රපටියක් වූ ආරාධනා චිත්‍රපටියේ වේ.එය වසර 1969 තිරගත වී ඇත.කොර කා ගස්තා නම් වූ මෙම අතිශයින් ජනප්‍රිය ගීතය ගායනා කරන ලද්දේ කිෂෝර් කුමාර් හා ලතා මංගේෂ්කාර් විසිනි.සංගීත අධක්‍ෂණය එස්.ඩී. බර්මන් මහතා විසිනි.මෙහි රගපෑම අතිශය ජනප්‍රිය නළු නිළි යුවළක් වූ රාජේෂ් ඛන්නා හා ෂර්මිලා තාගෝර් විසිනි.

හින්දි ගීතය        :  https://youtu.be/ql1-jjEPErw


වසර 1971දී අභිරහස චිත්‍රපටියට පී.එල්.ඒ. සෝමපාල මහතා විසින් සංගීත අධක්‍ෂණය කරමින් එච්.ආර්.ජෝතිපාල මහතා හා ඇන්ජලින් ගුණතිලක මහත්මිය විසින් මෙම ගීතය ගායනා කරන ලදි.

මෙහි මුල් තනුවත් අතිශයින්ම ජනප්‍රිය වූ වසර 1969 තිරගත වූ ආරධනා චිත්‍රපටියේ එස්.ඩී.බර්මන් මහතාගේ සංගීතවත් කල ගීයක් වුනා.එනම් ගුන්ගුන් රැහේ හේන් බවර්  ගීතයයි.මෙය මොහමඩ් රාෆි හා ලතා මංගේෂ්කාර් ගායනා කල අතර රාජේෂ් ඛන්නා හා ෂර්මිලා තාගෝර්  රංගනයෙන් දායක වුනා.

සිංහල ගීතය  :  https://youtu.be/G-ejT4kV08A

හින්දි ගීතය        :  https://youtu.be/yTktbXFZP6o


වසර 1973 තිරගත වූ සිංහල සිනමාවේ අතිශයින්ම ජනප්‍රිය වූ තුෂාරා චිත්‍රපටියට එච්.ආර්.ජෝතිපාල මහතා හා ඇන්ජලින් ගුණතිලක මහත්මිය විසින් ගායනා කරන ලද මෙම ගීතයට අසහාය නළු විජය කුමාරතුංග මහතා හා හෙළ සිනමාවේ නිළි රැජින මාලිනි ෆොන්සේකා මහත්මිය රංගනයෙන් දායක විය.

මෙහි මුල් තනුව ඇතුළත් වන හින්දි ගීතය වන්නේ මුජේ තේරී මොහාබතකා සහාරා ගීතයයි.1971 තිරගත වූ ආප් අයේ බහාර් අයී චිත්‍රපටියට මොහොමඩ් රාෆි හා ලතා මංගේෂ්කාර් විසින් ගායනා කරනු ලැබුවා.මෙහි සංගීත අධයක්ෂණය ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්ගෙන් වන අතර රංගනයෙන් සධානා ශිවදාසනී හා රාජේන්ද්‍ර කුමාර් එක්විය.


1974 තිරගත වූ ඔන්න බබෝ බිල්ලෝ එනවා සිංහල චිත්‍රපටිය සදහා එච්.ආර්.ජෝතිපාල මහතා විසින් මෙම ගීතය ගායනා කර තිබෙනවා.හෙළ සිනමාවේ රජු ලෙසින් සැලකෙන ගාමිණි ෆොන්සේකා මහතා මෙහි රංගනයෙන් දායක වී තිබෙනවා.කරුණාරත්න අබේසේකර මහතා විසින් මෙම ගීතයේ පද රචනය කර තිබෙනවා.

මෙයත් එකල ප්‍රකට හින්දි ගීතයක තනුවකට සකසන ලද්දක්.1972 තිරගත වූ ප්‍යොර් කා ගාර් චිත්‍රපටිය සදහා කිෂෝර් කුමාර් විසින් ගායනා කළ යේ ජීවන් හේ එම ගීතයයි.එහි සංගීත අධයක්ෂණය ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල් විසිනි.


1973 තිරගත වූ හොදයි නරකයි චිත්‍රපටිය සදහා පී.එල්.ඒ සෝමපාල මහතා විසින් සංගීත අධයක්ෂණය කරන ලද මෙම ගීතය එච්.ආර්.ජෝතිපාල මහතා විසින් ගායනා කර ඇත.

මෙම ගීතයේ මුල් තනුව අයත් වන්නේ ජනප්‍රිය හින්දි ගීතයකටය.එය නම්, තුම් බින් ජඔ කහාන් ගීතයයි.මෙය 1969 තිරගත වූ ප්‍යාර් කා මෝසම් චිත්‍රපටියට මොහොමඩ් රාෆි විසින් ගායනා කරනු ලැබ ඇත.ආර්.ඩී. බර්මන් මහතා විසින් මෙහි සංගීත අධයක්ෂණය කර තිබේ.


වසර 1987 ඔබටයි ප්‍රියේ ආදරේ චිත්‍රපටිය සදහා එච්.ආර්.ජෝතිපාල මහතා විසින් මෙම ගීතය ගායනා කරනු ලැබුවා.එහි සංගීත අධයක්ෂණය සරත් ද අල්විස් මහතා විසින් සිදු කරන ලදි.

මෙය රිෂී කපූර් හා ඩිම්පල් කපාඩියා රංගනයෙන් දායක වූ වසර 1985 තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටියක් වන සාගර් චිත්‍රපටියේ අන්තර්ගත ගීතයක තනුවකට අනුව සකසන ලද්දක්.එම මුල් හින්දි ගීතය වන්නේ චෙහරා හයි ජා නම් ගීතයයි.එය කිෂෝර් කුමාර් විසින් ගායනා කරනු ලද්දකි.

https://youtu.be/-1HDE7om2LE

හින්දි ගීතය        : https://youtu.be/_mzdkxnU4mU


පෙම් පහන නීවී ගීතය ගුවන් විදුලියෙන් එකල වඩාත් ජනප්‍රිය වූ ගීතයක්.මොහොදින් බෙග් මහතා හා එස්.බී.රාණි පෙරේරා මහත්මිය මෙම ගීතය ගායනා කරනු ලැබුවා.1955 තිරගත වූ අසෝකා චිත්‍රපටියේ මෙම ගීතය අන්තර්ගත් වූ අතර එහි පද රචනය කරුණාරත්න අබේසේකර මහතා විසින් සිදුකර තිබේ.

මෙම ගීතයේ මුල් හින්දි තනුව 1953 වර්ෂයේ තිරගත වූ “ආ” චිත්‍රපටියට ෂන්කර් ජයක්‍රිෂන් විසින් සංගීත අධයක්ෂණය කර තිබෙන ගීතයක්.ජානේ නා නසර් එම ගීතයයි.ලතා මන්ගේෂ්කාර් හා මුකේෂ් විසින් මෙම ජනප්‍රිය හින්දි ගීතය ගායනා කර ඇත.

https://youtu.be/90ooNta8icg

මෙම පැරණි ගීත ලැ‍යිස්තුව දෙස බැලීමේදී අපට හැගී යනුයේ මෙම බොහොමයක් ගීත ගායනා කර තිබෙන්නේ ජනකාන්ත ගායක එච්.ආර්.ජෝතිපාල මහතා වීම හා බොහෝ ගීත රචනා කර තිබෙන්නේ කරුණාරත්න අබේසේකරයන් වීමයි.

මෙලෙස හින්දි ගීත තනු වලට සිංහල ගීත නිර්මාණය කිරීම, බහුලව සිදුවුනත්, පසු කාලීනව එය කෙමෙන් වියැකී ගොස් ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කෙරෙහි, දේශීය සංගීතඥයන් යොමුවුණ අතර, ඉන්පසුව ඇරඹුණු, ස්වතන්ත්‍ර ගීත නිර්මාණය නිසා, හින්දි තනු කොපි කිරීම අතහැරී ගියා. එයට තවත් හේතුවක් වුනේ, එවැනි ගීත දැඩි ලෙස විවේචනයට ලක්වීමයි.

බොහෝ සෙයින් මෙම ගීත විවේචනය ලක් වුවත් ඉන්දියානු ආභාෂය නොමැති කලා ක්ෂෙත්‍රයක් මෙහි නොමැත.වැදගත්ම කාරණය ලෙස අපට මෙහිදී දැක්විය හැක්කේ පැරණි ජනප්‍රිය හින්දි ගීත තනු අනුකරණය කරමින් මෙකී ගීත නිර්මාණය වුවත් එය ඉතා ඕනෑකමින් දක්ෂ ලෙස ඊට ගැළපෙන වචන ලියමින්,එම තනුව වාදනය කරමින්, සුමියුරු ලෙස අපගේ ගායක ගායිකාවන් ගායනා කර තිබීමයි.එය ඉතා අගය කර සැලකිය යුතු කාරණයකි.අදටද පැරණි චිත්‍රපටි ගීතයක් කියූ සැණින් මතකයට නැගෙනුයේ මෙම ගීතයි.එපමණක්ද අදටද බොහෝ රියැලිටි වැඩසටහන්වල තරුණ පරම්පරාව තවමත් මෙම ගීත ගායනා කරයි.නොනැසෙන ජනප්‍රියත්වයක් මෙම ගීත සතුව තිබෙන්නේ එම ගීත තනුව හින්දි තනුවක් වූවාට වඩා එය අපට ගැළපෙන ලෙස අපේ වචන යොදමින් අපට ගැළපෙන ලෙස ගායන කර තිබූ නිසාවෙනි.

කාලයක් මෙම හින්දි තනු අනුකරණය කිරිම සිදු නොවුනු අතර නැවතත් තරුණ පරම්පරාව මේ වනවිට ජනප්‍රිය හින්දි ගීත තනු අනුකරණය කරමින් ගීත නිර්මාණයක් දැක ගත හැකිය.

නමුත් මෙම ගීත රැල්ලක් මෙන් ඉහලට ඇවිත් නැතිව යයි.වචනයක හෝ මතකයක් ප්‍රේක්ෂයන්ට නොමැති තරම්ය.මෙම ගීත පැරණි අනුකරණ ගීත තරම් ජනප්‍රිය නොවන්නේ ඒ හින්දි ගී තනුව කොතරම් ජනප්‍රිය වුවත් වචනවල නොගැලපීම ගායනයේ අඩුපාඩු නිසාවෙනි.

අනුකරණයක් හෝ කළ යුත්තේ තමන්ගේ දෙයක් ලෙස උනන්දුවෙන් නිවැරදිව තමන්ට ගැළපෙන ලෙස සකසා ගෙන බව මෙම පැරණි ජනප්‍රිය සිංහල ගීත අපට කියාදෙයි.

තවත් මෙරට විවිධ කාලවල ජනාදරයට ලක්වූ  වටිනා සංගීත ක්ෂෙත්‍රයන් පිළිබදව මෙලෙසින්ම ඉදිරියේදී ඔබ දැනුවත් කරන්න අප බලාපොරොත්තු වෙනවා.

(මෙම ගීත පිළිබදව කරුණු සොයාගනු ලැබුවේ අන්තර්ජාල භාවිතයෙනි.ඔබේ පහසුව වෙනුවෙන් මෙහි ඇතුලත් කරන ලද YouTube link අයිතිය එම මුල් අයිතිකරුවන් සතුවේ.)

ShareTweetShare

Related Posts

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය
TBC

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය

ලෝක ඉතිහාසයේ මෑත කාලීන මෙන්ම දීර්ඝ කාලීන ඉතිහාසය සූක්ෂමව පරීක්ෂා කිරිමේදී, වරින් වර විවිධ රටවල් නියෝජනය කරන විවිධ වයස් කණ්ඩායම්...

August 19, 2022
පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට
TBC

පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

මෙවර TBC කලාපය වෙන් වන්නේ මෙරට කාලාන්තරයක් තිස්සේ පැවත ආ, මේ වනවිට අභාවයට යමින් පවතින, මෙරට එක්තරා ආකාරයේ උප සංස්කෘතියක්...

June 24, 2022
Throwback Ceylon
TBC

ඔලිම්පික් ඉතිහාසයේ එදා මෙදා තුර ශ්‍රී ලංකා නාමය

ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේ තම ක්‍රීඩා දිවියේ ලබා ගැනීමට උත්සාහ කරන උච්චතම අවස්ථාව,සැබෑ කරගන්න බලාපොරොත්තු වන ලොකුම සිහිනය ඔලිම්පික් පදක්කමක් කිවහොත්...

May 23, 2022
Throwback Ceylon
TBC

90 ගණන්වල ටීවි එකේ හිට් වුනු පරණ ඇඩ්

වෙළද දැන්වීම්වලින් තොරවූ ලෝකයක් පිළිබදව ඔබට දැන් සිතන්නට පුළුවන්ද? කොහෙත්ම නොහැක.මේ කතා කරන මිනිත්තුවේ පවා අප කුමන හෝ නිෂ්පාදනයක සේවාවක...

May 23, 2022
Next Post
Throwback Ceylon

90 ගණන්වල ටීවි එකේ හිට් වුනු පරණ ඇඩ්

Throwback Ceylon

ඔලිම්පික් ඉතිහාසයේ එදා මෙදා තුර ශ්‍රී ලංකා නාමය

Recommended

Throwback Ceylon

අලුත් අවුරුද්දේ තෙලෙන් බැදෙන කිරෙන් ඉතිරෙන අපේ සිංහල කැවිලි

May 17, 2022
Throwback Ceylon

70’s and 80’s – few cents walata badaginna fillers

May 17, 2022
පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

June 24, 2022
Throwback Ceylon

අපේ අපූරු හස්ත කර්මාන්තය – වේවැල් කර්මාන්තය

May 17, 2022

Instagram

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.

#tbc Established in 2018

No Result
View All Result
  • Home
  • About TBC

Throwback Ceylon