• Home
  • About TBC
Throw Back
  • Home
  • About TBC
Throw Back
Throw Back

ලොව ජයගත් දිරිය ලක් කතුන්

May 17, 2022
in TBC
Throwback Ceylon

 සමාජිය, දේශපාලනික වශයෙන් කාන්තාවගේ ඉදිරියට පැමිණිම අද මුළු ලෝකයේම නිරන්තර අවධානයට ලක්වන සාධනීය කරුණක් බවට පත්ව තිබේ.විවිධ ක්ෂෙත්‍රයන් හරහා තම අණසක පතුරුවන කාන්තාවන් අපට අද වනවිට දැක ගත හැකිය.

මෙරටද විවිධ කාලවලදී තම නම ජාත්‍යන්තරයට ගෙනයමින් තම රටට අභිමානයක් එක්කල කාන්තාවන් අපට හමුවේ.එම දිරිය කාන්තාවන් මතු කාන්තා පරපුරටත් අතිමහත් අභිප්‍රේරණයක් සිදු කරන ලදි.

ලෝක කාන්තා දිනය යෙදී තිබුනු මාර්තු 08වන දිනට සාපේක්ෂව මෙම මස පුරාවටම කාන්තාව සාපෙක්ෂව වැඩි කතාබහකට ලක්වේ.විවිධ ක්ෂෙත්‍රයන් තුලින් ජාත්‍යන්තරය ජයගත් ලක් දියණියන් කිහිප දෙනෙකුගෙන් අද අපේ ලිපිය සම්පූර්ණ වේ.

01.සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක මැතිණිය

වර්තමානය වන විට ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ කාන්තාව යම්තාක් ලෙස ප්‍රබලව සිටින අතර මෙරට කාන්තා දේශපානයේ රන් නාමයක් මෙන්ම  ජාත්‍යන්තර කාන්තා දේශපාලනය තුලද වාර්තාගත නාමයක් සනිටුවහන් කළ සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක මැතිණිය පිළිබද කෙටි විස්තරයක් මේ.

මෙතුමිය වසර 1916 අප්‍රේල් මස 16 වැනි දින උඩරට රදළ පවුලකට දාව උපත ලබා ඇති අතර පියා බර්න්ස් රත්වත්තේ නම් වන අතර මව රොසලින් කුමාරිහාමි නම්විය.උපතින්ම දේශපාලන පරිසරයක හැදුනු වැඩුනු මෙතුමියගේ පියා එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හා සනට් සභාවේ සමාජිකයකු විය.පවුලේ බාල සහෝදරියකට හා සහෝදරයන් හතර දෙනෙකුගේ සෙනෙහසක් ඇයට විය.

තරුණ වියට එළඹෙත්ම වසර 1940දී S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා සමග විවාහ වූ මැතිණිය එතැන් සිට සමාජ සුභසාධන කටයුතුවල නිරත්වූයේ ඇගේ ස්වාමියාගේ දේශපාලන පරිසරය නිසාවෙනි.වසර 1956දී  S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා මෙරට අගමැති ධූරයට පත්වුවත් වසර 1959දී ක්‍රමන්ත්‍රණකාරී ලෙස ඝාතනය විය.ඉන්පසුව පක්ෂ ක්‍රියාකාරීන්ගේ දැඩි ඉල්ලීම මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව ලෙසට වසර 1960 පැවති ජන්දයෙන් ජයගෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිනිය බවට පත්වූ අතර එය ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙසට වාර්තාගත විය.

සමාජීය ආර්ථික වශයෙන් රට නගා සිටුවීමට පියවර ගැනීම,ජාත්‍යන්තරය සමග අපක්ෂපාතීව කටයුතු කිරිම,බුද්ධාගම නගා සිටුවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිම,වෙළද ව්‍යාපාර රජයට පවරා ගැනිම,මෙරට රාජ්‍ය භාෂාව බවට සිංහල පත්කිරිම වැනි දේශපාලන වැඩපිළිවෙළ රාශියක් මෙතුමිය විසින් සිදු කරන ලදි.

අනුර කුමාර බණ්ඩාරනායක,චන්දිකා බණ්ඩාරනායක,සුනේත්‍රා බණ්ඩාරනායක ඇයගේ දරුවන් තිදෙනා වේ.අනුර කුමාර බණ්ඩාරනායක හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙයින් ක්‍රියාකාරි දේශපාලනයට යොමූ වූ අතර එයින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙරට දෙවරක් ජනාධිපතිනිය බවට පත්විය.ඇයගේ ආණ්ඩුවේ වරක් අගමැති ධූරයට පත්වුයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි.

ලාංකීය දේශපාලනයේ මෙන්ම ලෝක දේශපාලනයේ තම නාමය බැබළවූ මෙම ශක්තිමත් කාන්තාව සීරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වසර 2000 ඔක්තොම්බර් 10 වන දින මෙලොවින් සමු ගන්නා ලදි.

02.සුසන්තිකා ජයසිංහ

ආසියාවේ කළු වෙළඹ ලෙසට විරුදාවලී ලත් සුසී, සුසන්තිකා ජයසිංහ යනු ශ්‍රී ලාංකීය අභිමානය ලෝකයට රැගෙන ගිය තවත් අප රටේ ප්‍රසිද්ධ කාන්තාවක්.

වසර 1948 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කල ඩන්කන් වයිට් මීටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් රිදී පදක්ක්ම දිනාගත් අතර එය මෙරට අපි ලබාගත් පළමි ඔලිම්පික් පදක්කම් වේ.ඉන් හරියටම වසර 52කට පසුව වසර 2000දී සිඩ්නි ඔලිම්පික් තරගාවලියේදී මීටර් 200 කාන්තා ධාවන ඉවව්වෙන් රීදි පදක්කමක් දිනා ගැනිමට සුසන්තිකා ජයසිංහ සමත්විය.පසුකලෙක එම තරගයේ රන් පදක්කම දිනාගත් මේරියන් ජෝන්ස්ට තහනම් උත්තේජක භාවිතා කල බවට චෝදනා එල්ල වීමත් සමග සුසන්තිකාගේ ලෝකඩ පදක්කම රිදී පදක්කමක් බවට පත්විය.මෙම ඔලිම්පික් පදක්කම ලබාගෙන දැනටත් වසර 20ක් ගතවුනිද ඉන්පසුව කිසිදිනෙක නැවත ඔලිම්පික් පදක්කමක් ලබාගැනිමට අප අපොහොසත් විය.

මෙම දක්ෂ ක්‍රීඩිකාව කොළඹින් කිලෝමීටර් හැට ගණනක් උතුරින් පිහිටි 7අත්තාවල නම් කුඩා ගමේ දිළිදු පවුලක වසර 1975 දෙසැම්බර් 17වන දින උපත ලබා ඇත.විශාල දරිද්‍රතාවයකින් පෙළුන පවුලක අනේකවිධ දුෂ්කරතා මැද මැය අප්‍රතිහත උත්සාහයෙන් විශාල ගමනක් පැමිණියාය.

වසර 1997දී IAAF ජයග්‍රහණය සමග ඇයට කෙටිකාලයකට පුහුණුවීම් සදහා ඇමෙරිකා එක්සත් ජනපදයට යාමට හැකිවිය.ඇගේ ඔලිම්පික් පදක්ක්මට මෙම පුහුණුව මනාව ඉවහක්වූ බව ඇය පසුකලෙක පවසා තිබේ.වසර 1998දී ඇය තහනම් උත්තේජක භාවිතා කරන බවට පවසා තරග තහනමක් පනවන ලදි .ඇය පවසන්නේ එය දේශපාලන පළිගැනීමක් බවයි.එම චෝදනාවෙන්ද නිදහස් වූ ඇය වසර 2000දී මුළු රටටම අභිමානයක් එක් කරමින් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමට සමත්විය. එම පදක්කමෙන් වසර 21ක් ගත්වී ඇතත් නැවත ඔලිම්පික් පදක්කමක් පෙනෙන මානයක අප අද නැත.

ඉන්පසුව වසර  2007දී ඔසාකා ලෝක මළල ක්‍රීඩා උළෙලේදී, වයස 31ක්වූ සුසන්තිකා ඇයට වඩා වයසින් බාල ඇමෙරිකානු ක්‍රීඩිකාවන් හතර දෙනෙකු සමග කරට කර තරග වදිමින් තත්පර 22.63කින් තරගය නිම කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

වසර 2006දී ලුසපෝනියා තරගාවලියේදී ශක්තිමත් තරගකාරිය ලෙස මීටර් 200 කාන්තා ධාවන ඉසව්වෙන් පහසුවෙන්ම රන් පදක්කමක් දිනා ගත්තාය.එම වසරේම ආසියානු ක්‍රීඩා උළෙලේ ඇයට එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට හැකි විය.

රන් , රිදී , ලෝකඩ පදක්කම් රාශියකින් මව්බිම සැරසූ ඇය වසර ගණනාවක් මළල ක්‍රීඩා ක්ෂෙත්‍රයේ සිටිමින් මෙරටට විශාල අභිමානයක් අත් කරදෙන ලදි.

ඇය ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන මේ වනවිට වසර 10කටත් වැවිවන අතර ඇගේ ක්‍රීඩා ජිවිතය තුලත් පුද්ගලික ජිවිතය තුලත් නොයෙක් හැල හැප්පීම් රාශියක් විය.

මේ වනවිට මෙරට මළල ක්‍රීඩා සම්මේලනයේ තනතුරක් හොබවන ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි.

අති දුෂ්කර ගමක සිට තම උත්සාහයෙන් ඔලිම්පික් දක්වා දුර ගමනක් ගිය සුසන්තිකා ජයසිංහ නම් මේ එඩිතර කාන්තා චරිතය සැබවින්ම රටේ තරුණ පරපුරට මහත් ආදර්ශයකි.

03.මාලිනි ෆොන්සේකා

සිංහල සිනමාවේ නිළි රැජිණ ලෙසින් හදුන්වන දශක ගණනාවක් පුරාවට එකලෙස ජනප්‍රිය මාලිනි ෆොන්සේකා නැමැති අග්‍රගණය නිළිය අන්තර්ජාතික සම්මානවලින් ඇගයීමට පත්වූ ලොව දිනු තවත් ලාංකීය අභිමානනීට කාන්තාවකි.

වසර 1947දි අප්‍රේල් 30 වන දින ජිල්බට් ෆොන්සේකා හා සීලවතී ෆොන්සේකා යන දෙමාපියන්ට දාව උපන් වන්නිආරච්චිගේ මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා වන ඇය දරුවන් එකොළොස් දෙනෙක්ගෙන් යුත් පවුලේ තුන්වැනි දරුවා විය.කොළඹ පෑලියගොඩ ප්‍රදේශයේ උපත ලබා මූලික අධ්‍යාපනය නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ආරම්භ කර පසුව පදිංචිය කැළණියට මාරුවීමත් සමග කැළණිය ගුරුකුල  විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය අවසන් කරන ලදි.

ඇගේ සිනමා ගමන තිස්ස ලියනසූරිය අධක්‍ෂණය කළ  පුංචි බබා චිත්‍රපටියෙන් වසර 1968දි ආරම්භ කරන ලදි.වසර 1969දී  ඇය රගපෑ හිගන කොල්ලා චිත්‍රපටියට හොදම නිළියට හිමි සරසවි සම්මානය ප්‍රථම වරට හිමි කරගන්නා ලදි.වසර 1968 සිට මේ දක්වා දශක හයක කාලයක් චිත්‍රපටි 160කට අධික ගණනක් රංගනයෙන් දායක වී ඇති ඇය මෙරට සිනමාවේ කාන්තා රන් සලකුණ ලෙස නම් කල හැක.

ඉන්පසුව ආරාධනා යසඉසුරු ආදී චිත්‍රපවි සදහා කිහිප අවස්ථාවකදීම ඇය හොදම නිළිය සරසවි සම්මානයට පාත්‍ර විය.ඇයගේ සාර්ථකම චිත්‍රපවි ලෙස ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් අධක්‍ෂණය කල නිධානය, අමරනාත් ජයතිලකගේ සිරිපාල හා රන් මැණිකා, ධර්මසේන පතිරාජගේ එයා දැන් ලොකු ළමයෙක් හා බඹරු ඇවිත් හදුන්වන්න පුළුවන්.වානිජ සිනමාවේ අතිසාර්ථක නිළියක් වූ ඇය විජය කුමාරතුංග හා ගාමිණි ෆොන්සේකා සමග සිනමාවේ අපූරූ සුසන්යෝගයක් මැවීය.වානිජ සිනමාවේ මෙන්ම සම්භාව්‍ය සිනමාවේද ඇය එකලෙස තම අතිදක්ෂ රංගනයෙන් දායක විය.

පසුකාලීනව ඇය ටෙලි නාට්‍ය රංගනයට අවතීර්ණ වූ අතර පිටගම්කාරයෝ, කෙම්මුර ආදි ටෙලි නාට්‍යවල විශිෂ්ඨ රංගනය නිසාවෙන් හොදම නිළියට හිමි සුමති ටෙලි සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙරට ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබූ ප්‍රථම නිළිය වන්නේ මාලනි ෆොන්සේකා මහත්මියයි.ඒ වසර 1975දී මොස්කව් ජාත්‍යන්තර සම්මාන උළෙලේ ජුරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලැබීමයි.වසර 1977දී  6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී කුසලතා සම්මානයකින් පිදුම් ලැබිය.වසර 1989දී,  සාර්ථකම කාන්තාව ලෙසට සොන්ටා ජාත්‍යන්තර සම්මානය දිනාගනු ලැබීය.39වෙනි ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙලේදී රීදී මයුර සම්මානයද ඇයට හිමි විය.

වසර 201දී ඇය ආසියාවේ බිහිවූ දැවැන්ත රංගන ශිලිපීන් 25 දෙනාගෙන් අයෙක් බවට ඇමෙරිකාවේ CNN රෑපවාහිනිය නම් කරන ලදි.

දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලැබූ ඇය තම රංගන ප්‍රභාවෙන් තම රට අන්තර්ජාතික මට්ටමට ගෙනගිය අභිමානනිය කාන්තාවකි.

04.ආශා ඩී වොස්

තම මව්බිමේ නාමය අභිමානනීය ලෙස ලෝකයට ගෙනගිය තවත් කාන්තා චරිතයක් ලෙස ආශා ඩී.වොස් මහත්මිය හැදින්විය හැක.ඇය වසර 2020දී සාගර වීරවරිය ලෙස ස්කූබා ඩයිවීන් නැමැති සගරාව විසින් නම් කෙරුණි.ඒ වෙනුවෙන් ඇයට හිමිවූ ඩොලර් 5000ක ත්‍යාගය, සාගර ජීව  විද්‍යාව හදාරන  ලාංකීය සිසුන් කිහිප දෙනෙකුට පර්යේෂණ සිදු කීරිමට යෙදවීමට තීරණය කර තිබේ.

ආචාර්‍ය ආශා ඩී වොස් මහත්මිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වසර 40ක ඉතිහාසය තුල දීප්තිමත් ශිෂ්‍යාවන් 20අතරට පැමිණිමේ දුර්ලභ වාසනාවන්ත අවස්ථාවද ලබාගත් විශිෂ්ඨ කාන්තාවක්.ඒ අනුව ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ජයාරෑපයක පෙනිසිටි පළමු ශ්‍රී ලාංකීය කාන්තාවද වේ.

වරක් බීබීසී පුවත් සේවය විසින් නම් කරන ලද ලොව වඩාත්ම බලපෑම් කල හැකි කාන්තාවන් 100 අතරටද ඇයගේ නම නම් කර තිබුනි.සාගර ක්ෂීරපායින් පිලිබද ආචාර්ය උපාධියක් ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේද ඇයයි.

මෙරට අතිදක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන ඈෂ්ලි ඩී වොස්ගේ දියණිය වන ඇය කොළඹ කාන්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල සෑම වෙරළ තීරයක ම නිල් තල්මසුන් පෝෂණය කිරීම මගින් සමුද්‍රීය සංරක්ෂණයට සාධාරණයක් කිරීම ඇගේ අනාගත අරමුණ බවට ඇය සහභාගි ව්ය්ය් සම්මුඛ සාකච්ජාවකදි පැවසුවාය.එලෙසම ජනතාව තුල ඒ පිළිබද උනන්දුවක් ඇති කිරිමටත් ඇය බලාපොරොත්තු වන්නීය.

ආශා ඩි වොස් මහත්මිය ශ්‍රී ලංකාවේ පළමු සමුද්‍ර සංරක්ෂණ පර්යේෂණ හා අධ්‍යාපන ලාභ නොලබන සංවිධානයේ නිර්මාතෘවරියයි.ශ්‍රී ලංකාව වටා මෙන්ම ලොව වටා සිටින නිල් තල්මසුන් ආරක්ෂා කිරිම සදහා ක්‍රියාකාරි දායකත්වයක් ලබාදෙන ඇය මෙරටට අන්තර්ජාතික වශයෙන් විශාල ගෞරවයක් ගෙන ආ කාන්තාවකි.

05.ඔටාරා ගුණවර්ධන

මෙරට ව්‍යාපාර  ක්ෂෙත්‍රයට කාන්තාවටත් සහභාගි ව්ය හැකි බවටත් බොහෝ ව්‍යාපාරික කාන්තාවන්ට ආදර්ශයක් වෙමිනුත් දෙස් විදෙස් ප්‍රචලිත ODEL හා EMBARK යන වෙළදනාම දෙකෙහි නිර්මාතෘවරිය වන ඇය නමින් ඔටාරා ගුණවර්ධනයි.

ඔටාරා ඩෙල් ගුණවර්ධන නම් වන ඇය වසර 1964 අගෝස්තු 30වන දින උපත ලැබුවාය.ඇගේ පියා නොර්මන් ගුණවර්ධන , එයිට්කෙන්ස් ස්පෙන්ස් ආයතනයේ හිටපු සභාපති කෙනෙකු වන අතර ඇගේ මව ඩෙලිෂියා ගුණවර්ධන, විශේෂ  අවශ්‍යතා ඇති දරුවන්ට චිත්‍රා පටුමගේ පාසලක් ආරම්භ කිරිමට මුල්ව ක්‍රියා කර තිබේ.සහෝදරයක් දෙදෙනෙකු සිටි කුඩා ඔටාරා පාසැල් අධ්‍යාපනය කොළඹ කාන්තා විද්‍යාලයේ සිදු කරන ලදි. කුඩා කල සිටම ඇය සතුන්ට ආදරය කරුණාව දක්වා ඇති අතර නිවසේද ඉඩක් සතුන් වෙනුවෙන් වෙන් කර තබා ගෙන තිබේ.

උසස් අධ්‍යාපනය ජීව  විද්‍යා අංශයෙන් ඇමෙරිකානු බෝවුලින් ග්‍රීන් ස්ටේට් විශ්ව විද්‍යාලයේදී සම්පූර්ණ කරන ඇය ඉන් අනතුරුව නැවත මෙරටට පැමිණ නිරූපන ක්ෂෙත්‍රයට පිවිසියාය.එහිදි ඇයට ඇගළුම් ක්ෂෙත්‍රයට පැමිණිමේ ආශාව ඇතිවිය.

ඉන්පසුව ඇය ඇගළුම් ආනයනය කරන ආයතනයකින් ඇගළුම් විකිණිමේ අවස්ථාවක් උදාකර ගන්නා අතර ඇය ප්‍රථමයෙන් තම මෝටර රථයෙන් එම ඇගළුම් හිත මිතුරන්ටත් පසුව වෙළද සාප්පුවලටත් විකිණීම ආරම්භ කරන ලදි.දිනෙන් දින ඉහළ යන ආනයනික ඇගළුම්වලට පවතින ඉල්ලුම නිසා ඇය වසර 1989දී, තම මවගේ හා සහෝදරයකුගේ සහය ඇතිව කොළඹ ඩික්මන් මාවතේ වර්ග අඩි 300ක ඉඩක තමන්ගේම වෙළද ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි.එයට තම නමේ මුල් අකුරෙන් හා දෙවෙනි නම එකතුකර ඔඩෙල් යනුවෙන් නම් තබන ලදි.

ඉතා කුඩා ලෙස ආරම්භ කලත් ඇගේ සිහිනයක් වී තිබුනි විදෙස් රටවල සම්පුර්ණ ආයතනයක් බිහි කිරිමයි.ඇගේ උත්සාහය නිසාම ඇය එම සිහිනය සම්පූර්ණ කරගන්නා අතර අද වනවිට ඔඩෙල් යන නාමය මෙරට පමණක් නොව විදෙස් රටවලද ජනප්‍රිය සන්නම් නාමයක් බවට පත්ව තිබෙනවා.ලෝකයත් සමග ඉදිරියට ගිය ඔටාරා තම ව්‍යාපාර  නිරන්තරයෙන් යාවත්කාලීන කරන ලදි.මුල් කාලයේ තම ව්‍යාපාරයේ සැරසීම්වල චිත්‍ර ඇයම සිදු කල අතර විවිධ කාලවලට ගැළපෙන ලෙස සැරසීම්ද ඇයද කරන ලදි.මෙම ක්‍රමයන් අද බොහෝ ව්‍යාපාර අනුගමනය කරන ලද පුරෝගාමි චරිතය වූයේ ඔටාරා ගුණවර්ධනයි.ඉන්පසුව ඇය මෝස්තර නිර්මාණයට පිවිසි අතර,ලංකාවේ ප්‍රසිද්ධ නිර්මාණවේදීන් වන නයනතාරා ෆොන්සේකා, මංගල ඉනොසන්ස්, ලෝ චින්ග් වොන්, කිර්ති ශ්‍රී කරුණාරත්න හා යොහාන් අලුවිහාරේ යන අය සමග වැඩ කරමින් එම කටයුත්තද ඇය මනා ලෙස ජය ගන්නා ලදි.

කුඩා කල සිටම සතුන්ය දක්වන ආදරය කරුණාව නිසාවෙන් වසට 2007දී ඇගේ එක් සිහිනයක් සැබෑ කරගනිමින් EMBARK යන සන්නම් නාමය හදුන්වා දීම ඇය සිදුකරනු ලැබේ.එහිදී වීදි සුනඛයින් එන්නත් කිරීම, තුවාල සුවපත් කිරීම, සුදුසු නිවසක් ලබා දීම, වන්ධ්‍යකරණය වැනි සමාජ සත්කාරයන්ට සිදුකිරිම මෙහි අරමුණ වී තිබේ.අද වනවිට බොහෝ පිරිසක් ඇයගේ මෙම සමාජ සත්කාරයට සහයෝගය දක්වයි.

වසර 25ක ව්‍යාපාරික කාලයට සමුදෙමින් ඇය තම ODEL ව්‍යාපාරය වසර 2014දී විකිණිමට තීරණය කරන ලදි.ඇය ඒ පිළිබද අදහස් දක්වා ඇත්තේ ඇයට පුර්ණකාලීනව සතුන් හා මිනිසුන් වෙනුවෙන් සමාජ සත්කාරයන්හි නිරත්වීමට අවශ්‍ය වූ බවයි EMBARK ආයතනය සමග අදවන විට ඇය විශාල සමාජ සත්කාරයක් කරමින් පවතියි.

එම වසර 25ක කාලයට ඇයට දෙස් විදෙස් සම්මාන කිහිපයක් ලැබි ඇති අතර හොදම  ව්‍යවසායිකාවක් ලෙසට ඇගයීමට පාත්‍ර වී ඇත.එවරෝන් සගරාව කරනලද පරික්ෂණයකට අනුව 2013 වසරේ මෙරට බලවත්ම කාන්තාව ලෙස නම් කෙරුනේ ඔටාරා ගුණවර්ධනයි.එමෙන්ම එම වසරේ මෙරට ධනවත්ම අයගේ නම් ලැයිස්තුවට ඇගේ නමද ඇතුලත් විය.

ශ්‍රී ලාංකීය කාන්තාව ජාත්‍යන්තර මට්ටමෙන් ඔසවා තැබු මෙම අපූරු ශක්තිමත් කාන්තාව තවත් පරම්පරා ගණනාවකට ආදර්ශයක් වනු නොඅනුමානයි.

06. සුමිත්‍රා පිරිස්

සුමිත්‍රා පිරිස් යනු මෙරට බිහිවූ විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂිකාවක් වන අතර ප්‍රථම් වරට අන්තර්ජාතික වශයෙන් සම්මානයෙන් පුද ලද කාන්තා සිනමා අධ්‍යක්ෂිකාව වේ.ඇගේ ගග අද්දර චිත්‍රපටිය වඩාත්ම ජන්ප්‍රිය හා ඇගයීමට ලක්වූ සිනමා කෘතියයි.

වසර 1935 මාර්තු 24වන දින සුමිත්‍රා ගුණවර්ධන නමින් උපත ලැබු ඇයගේ පවුල් පසුබිම දේශපොලනයට බොහෝ සෙයින් නැඹුරු විය.කොළඹ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් ඇය පසුව තම සහෝදරයකු සමග  ප්‍රංශයේ ජිවත් විය.

ගම්පෙරළිය,දෙලොවක් අතර,බක්මහ දීගේ,අහසින් පොළොවට ආදි විශිෂ්ඨ සිනමා කෘතීන් සංස්කරණයෙන් දායක වූ ඇය, ගැහැණු ළමයි,ගග අද්දර,යහළු යෙහෙළි,මායා, සාගර ජලය මදි හැඩුවා ඔබ හින්දා, ලොකු දුව , දුවට මවක මිස,සක්මන් මළුව , යහළුවෝ ආදී මෙරට අතිවිශිෂ්ඨ චිත්‍රපටි ගණනාවක්  අධක්‍ෂණය කරන ලදි.

ඇගේ මෙම සුවිශේෂි සිනමා  අධක්‍ෂණය නිසාවෙන් වසර 1978 සිට අන්තර්ජාතික් සම්මාන රාශියකින් පිදුම් ලැබීය.

ජනාධිපති සම්මාන , සරසවි සම්මාන ,සිග්නිස් සම්මාන ආදි මෙරටද සම්මාන රාශියකින් ඇගයීමට ලක් වූ ඇය වසර 1946දී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා සමග විවාහ විය. අද වනවිට මෙරට චිත්‍රපටි අධක්‍ෂණයට කාන්තාවන් නැඹුරු වී ඇති අතර ඒ සදහා මුලිකත්වය ආදර්ශය ලැබුනේ සුමිත්‍රා පිරිස් නම්වූ මෙම අග්‍රගණය කලාකාරිනිය විසින්ය.

ShareTweetShare

Related Posts

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය
TBC

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය

ලෝක ඉතිහාසයේ මෑත කාලීන මෙන්ම දීර්ඝ කාලීන ඉතිහාසය සූක්ෂමව පරීක්ෂා කිරිමේදී, වරින් වර විවිධ රටවල් නියෝජනය කරන විවිධ වයස් කණ්ඩායම්...

August 19, 2022
පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට
TBC

පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

මෙවර TBC කලාපය වෙන් වන්නේ මෙරට කාලාන්තරයක් තිස්සේ පැවත ආ, මේ වනවිට අභාවයට යමින් පවතින, මෙරට එක්තරා ආකාරයේ උප සංස්කෘතියක්...

June 24, 2022
Throwback Ceylon
TBC

ඔලිම්පික් ඉතිහාසයේ එදා මෙදා තුර ශ්‍රී ලංකා නාමය

ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේ තම ක්‍රීඩා දිවියේ ලබා ගැනීමට උත්සාහ කරන උච්චතම අවස්ථාව,සැබෑ කරගන්න බලාපොරොත්තු වන ලොකුම සිහිනය ඔලිම්පික් පදක්කමක් කිවහොත්...

May 23, 2022
Throwback Ceylon
TBC

90 ගණන්වල ටීවි එකේ හිට් වුනු පරණ ඇඩ්

වෙළද දැන්වීම්වලින් තොරවූ ලෝකයක් පිළිබදව ඔබට දැන් සිතන්නට පුළුවන්ද? කොහෙත්ම නොහැක.මේ කතා කරන මිනිත්තුවේ පවා අප කුමන හෝ නිෂ්පාදනයක සේවාවක...

May 23, 2022
Next Post
Throwback Ceylon

අලුත් අවුරුද්දේ තෙලෙන් බැදෙන කිරෙන් ඉතිරෙන අපේ සිංහල කැවිලි

Throwback Ceylon

ජනප්‍රිය භාරත ගී ඇසුරෙන් නිර්මාණය වූ මෙරට චිත්‍රපට ගීත

Recommended

Throwback Ceylon

Best works of Ronnie Leitch

May 17, 2022
Throwback Ceylon

බයිලා කියවන් නැතුව බයිලා ගැන කියවන්න

May 23, 2022
Throwback Ceylon

90s and 2000s – Loku company Hadhana junk food

May 17, 2022
Throwback Ceylon

ජනප්‍රිය භාරත ගී ඇසුරෙන් නිර්මාණය වූ මෙරට චිත්‍රපට ගීත

May 17, 2022

Instagram

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.

#tbc Established in 2018

No Result
View All Result
  • Home
  • About TBC

Throwback Ceylon